The Leader News
BREAKING
සිර මැදිරියේ සිට නාමල් මහින්දට ලියූ සංවේදී උපන්දින සටහන●මාස 5ක විමර්ශන මන්දගාමීයි: සූගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප●'එකේ පන්තියේ ගුරුතුමී' හමු වී 'ඒ රෝස පැහැති ෆයිල් කවරය' දිග හරින්න 21 වන දා ගම්පහට එන්න●කුඩා මිනිස්සුන් ගේ ජීවිත වෙත ඉවසීමෙන් ඇතුළුවිය හැකි සියුම් යතුර; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'●ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'●ක්ෂුද්‍ර කතාව නෑකම් දක්වන්නේ කෙටිකතාවට වඩා කවියට - සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය●කථානායකගේ තීරණ අධිකරණයට ප්‍රශ්න කළ හැකිද? නීති තර්ක උණුසුම් වෙයි●හිටපු මන්ත්‍රීවරුන් යළි එකම වේදිකාවකට: නව සංගමය 28 දා ඇරඹේ●Diginote : දේශීය ආදායම් බදු ඉලක්කය ඉක්මවයි; ලාෆ්ස් ගෑස් අඩුවෙයි●මිනිත්තු කිහිපයකින් සංචිත අහිමි වීමේ අවදානමක්? සයිබර් ආරක්ෂාව ගැන රවී ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

මාස 5ක විමර්ශන මන්දගාමීයි: සූගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප

Nethmini

Nethmini

November 18, 2026 • 1:59 PM

මාස 5ක විමර්ශන මන්දගාමීයි: සූගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළේය.
  • රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරීමට නියම වූ අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.
  • පෞද්ගලික හේතු ප්‍රතික්ෂේප වුවත් ඇප හිමිවූ පසුබිම සූගීෂ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පසුගිය ඔක්තෝබර් 27 වැනිදා අධිකරණයෙන් ඇප ඉල්ලා තිබුණි.
  • සැකකරුගේ මවගේ සහ දියණියගේ අසනීප තත්ත්වයන්, ඔහු බන්ධනාගාරය තුළ රෝගාතුර වීම සහ මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබීම එහිදී 'අසාමාන්‍ය කරුණු' ලෙස පෙන්වා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරීමට නියම වූ අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.

පෞද්ගලික හේතු ප්‍රතික්ෂේප වුවත් ඇප හිමිවූ පසුබිම

සූගීෂ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පසුගිය ඔක්තෝබර් 27 වැනිදා අධිකරණයෙන් ඇප ඉල්ලා තිබුණි. සැකකරුගේ මවගේ සහ දියණියගේ අසනීප තත්ත්වයන්, ඔහු බන්ධනාගාරය තුළ රෝගාතුර වීම සහ මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබීම එහිදී 'අසාමාන්‍ය කරුණු' ලෙස පෙන්වා දී තිබේ.

එම කිසිදු කරුණක් ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් 'අසාමාන්‍ය කරුණු' ලෙස පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය කියවා දෙමින් පැහැදිලි කළේය.

අධිකරණය සැලකිල්ලට ගත් 'අසාමාන්‍ය කරුණ' කුමක්ද?

සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළද, සූගීෂ්වර බණ්ඩාර මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී විමර්ශන සිදුවූ ආකාරය අධිකරණයේ දැඩි අවධානයට ලක්විය.

නඩුව කැඳවූ අවස්ථා කිහිපයකදීම අධිකරණය නියෝග කර තිබියදීත්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන ප්‍රගතියක් වාර්තා කර නොතිබුණි. විමර්ශන කටයුතු මෙලෙස දීර්ඝ කාලයක් මන්දගාමීව සිදුවීම අසාමාන්‍ය කරුණක් ලෙස සලකා සැකකරු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

ගෝඨාභයගේ සහ එරන්දගේ ප්‍රකාශ අතර පරස්පරතාව

2022 වර්ෂයේදී ජනාධිපති පෞද්ගලික ලේකම් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ යන තනතුරු දෙක සඳහාම ජනාධිපති වැය ශීර්ෂයෙන් වැටුප් ලබා ගත් බවට සූගීෂ්වර බණ්ඩාරට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම ගනුදෙනුවට අදාළව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන ප්‍රකාශ දෙකක් අතර පරස්පරතාවක් මතුවී තිබේ:

* හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය: එරන්ද මාලඹ චන්ද්‍රදාස නමැත්තාට, සූගීෂ්වර බණ්ඩාර විසින් ගෙවීමට තිබූ මුදල තමා විසින් ගෙවා දැමූ බව.

* එරන්ද මාලඹ චන්ද්‍රදාසගේ ප්‍රකාශය: තමාට මාසිකව රුපියල් ලක්ෂයක වැටුපක් හෝ දෛනික සේවාවක් වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා මුදල් නොදුන් බවත්, විශේෂ ඉල්ලීම් මත සේවය කළ දින කිහිපයකට පමණක් යම් මුදලක් ලැබුණු බවත්ය.

මෙම ප්‍රකාශ දෙකේ සත්‍ය අසත්‍යතාව විමර්ශනය කර වාර්තාවක් ගොනු කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණද, ඔක්තෝබර් 28 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවේ පවා ඒ ගැන කිසිදු සඳහනක් නොතිබුණි.

"මාස පහක් තිස්සේ විමර්ශන කටයුතු කරනවා. තවමත් ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කරලා නැහැ. ඉදිරි දින වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න"

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එලෙස දැඩිව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන පෙබරවාරි 17 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...