The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණයි -ඇමති බිමල්

T

The Leader Desk

April 26, 2026 • 4:52 AM

2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණයි -ඇමති බිමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
  • අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (25) සංවිධානය කර තිබු විශේෂ වැඩමුළුවට එක්වෙමිනි.
  • ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
  • වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (25) සංවිධානය කර තිබු විශේෂ වැඩමුළුවට එක්වෙමිනි. ජෛව සාම්පල්වල මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවේදී විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය සහ දැනුම ලබාදීම මෙහි අරමුණ විය.

ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. කොතරම් මාර්ග සංවර්ධනය කලත් නවීන වාහන ආනයනය කලත් යටිතල පහසුකම් වැඩිදියුණු කලත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා. වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීම ඉලක්කයයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා. විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා. අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මගින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.’

මෙම වැඩමුළුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඊට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණුවේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයින් එක්වූහ.



රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරුපැදිකරුවන්

* වසර 10ට 9000ක් මියගිහින් පදිකයන් 8000ක් මරුට පොලිස් දත්ත අනාවරණය කරයි

* දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් ගෙවුණු දස වසර තුළ මිනිස් ජීවිත 27,134ක් අහිමි වී තිබේ.

* මාරක රිය අනතුරු 25,704කින් ‍මෙම මරණ සිදුව ඇති බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

* 2016 වසරේ සිට 2025 දක්වා වූ දස වසර තුළ පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 248,026කි.

මහ මඟ සිදුවන සෑම රිය අනතුරක්ම පොලීසියට වාර්තා කිරීම මෝටර් රථ පනතේ විධිවිධානයන්ට අනුව අනිවාර්ය වුවත් ඇතැම් රක්ෂණ සමාගම් විසින් රිය අනතුරු සම්බන්ධයෙන් රක්ෂණය ගෙවීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් හේතු‍වෙන් මාරක සහ බරපතළ තුවාල සිදු නොවන බොහෝ අනතුරු පොලීසියට වාර්තා නොවන තත්වයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම දස වසර තුළ වැඩිම මාරක රිය අනතුරු ගණනක් සිදුව ඇත්තේ 2017 වසරේදීය. එම ගණන 2949කි. එහිදී මියගොස් ඇති ගණන 3154 දෙනෙකි. දස වසර තුළ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේද 2017 වසරේදීය.

2017 වසරින් පසු මාරක රිය අනතුරුවල ක්‍රමික අඩුවීමක් සිදුව ඇතත් 2025 වසර තුළ මාරක රිය අනතුරුවල වැඩිවීමක් සිදුව ඇතැයි ද සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනීයයි.

 2025 වසර තුළ සිදුව ඇති මාරක රිය අනතුරු ගණන 2597කි. එම අනතුරුවලින් මියගොස් ඇති ගණන 2746 දෙනෙකි. වසර 05කට පසු වැඩිම මාරක රිය අනතුරු ගණනක් රට තුළ සිදුව ඇත්තේ 2025 වසර තුළ බවද සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී ‍ෙපනී යයි.

1977 වස‍රේදී මාරක රිය අනතුරු 811ක්, රට තුළ සිදුව ඇති අතර මියගොස් ඇති ගණන සටහන් වන්නේ 811 දෙනෙක් ලෙසිනි. එම වසරේදී සිදුව ඇතැයි පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 15,297කි.

1980 වසරේදී මාරක රිය අනතුරු 1038ක් සිදුව ඇති අතර මියගොස් ඇති ගණනද සටහන්ව ඇත්තේ 1038ක් ලෙසිනි. එම වසර තුළ සිදුව ඇතැයි පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 23,711කි.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම රිය අනතුරු ගණනක් පොලීසියට වාර්තා වී ඇත්තේ 2003 වසරේදීය. එම ගණන 59,444කි. එම වසරේදී මාරක රිය අනතුරු 1933ක් සිදුව ඇති අතර මියගොස් ඇති ගණන 2096 දෙනෙකි.

රිය අනතුරුවලින් වැඩි පිරිසක් මිය යන්නේ යතුරුපැදිකරුවන්ය. ගෙවුණු දස වසර තුළ යතුරුපැදිකරුවන් 9000කට වැඩි පිරිසක් මාරක රිය අනතුරුවලින් මියගොස් ඇත.

දෙවැනියට වැඩිපුරම මියයන්නේ පදිකයන්ය. මේ කාලය තුළ පදිකයන් 8000කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

තෙවැනියට වැඩියෙන්ම මියයන්නේ රියැදුරන් සහ වාහනවල ගමන් ගන්නා මගීන්ය. ගෙවුණු දස වසර තුළ මගීන් 3000කට වැඩි පිරිසක්ද රියැදුරන් 3000කට වැඩි පිරිසක්ද මියගොස් ඇත.

(මුලාශ්‍ර - dinamina)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...