The Leader News
BREAKING
Top Ad
පුවත්

උදුලා දාබරේ දිවි රඟමඩලට සමු දෙයි

T

The Leader Desk

December 26, 2023 • 4:04 PM

උදුලා දාබරේ දිවි රඟමඩලට සමු දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය යන විට ඇය 87 වන වියෙහි පසුවූවාය.
  • "කැළෑ හඳ" චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනෙවිය, කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා පිටියේ" විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.
  • (lankadeepa.lk- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) සබැඳි ලිපියක් නිළි­යක් වුණේ අහ­ම්බෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


මිය යන විට ඇය 87 වන වියෙහි පසුවූවාය.

"කැළෑ හඳ" චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනෙවිය, කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා පිටියේ" විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.

1956-සිනමාස්ගේ දොස්තර, දුප්පතාගේ දුක 1958-දස්කම, 1959-ගැහැණු ගැට, 1960-නළඟන, පිරිමියෙක් නිසා, 1961-සුවිනීත ලාලනී, දරුවා කාගේ ද ,1964- සුළලිත ශෝභිනී, සුභ සරණ සැප සිතේ, 1965-සැකය, 1966-සීගිරි කාශ්‍යප , කපටිකම, 1967-මනමාලයෝ සරණ ,1968-අක්කා නගෝ, 1969- සූරයන්ගෙත් සූරයා,1970-දැන් මතක ද ආදී චිත්‍රපට වල රඟපෑමෙන් සිය දක්ෂතා පැහැදිලි කළාය.

අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලයේ පිළිගැනීම් හා මහජන සම්බන්ධතා නිලධාරිනී ලෙස සේවය කළ ඇය වසර හතක දිගු නිහැඬියාවකින් පසු 1977-හිතුවක්කරයෝ, 1978-සැලී යන චිත්‍රපට වල ද 1983- චණඩි සිරියා චිත්‍රපටයෙන් වසර 21 කට පසු 2004-රන් දිය දහර, 2008-රෝස කැළේ, හා අවසන් වරට 2018 උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයට සිය රංගන දායකත්වය දැක්වූවාය.

(lankadeepa.lk- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 
සබැඳි ලිපියක්
නිළි­යක් වුණේ අහ­ම්බෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...