The Leader News
BREAKING
Top Ad
පුවත්

TIN සහ PIN සම්බන්ධයෙන් පැතිරෙන නිවේදනය ව්‍යාජයි

Pasan

Pasan

November 27, 2026 • 9:13 PM

TIN සහ PIN සම්බන්ධයෙන් පැතිරෙන නිවේදනය ව්‍යාජයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • PIN / TIN ලබාදීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) දෙදින විවෘතව තබන බව දැක්වෙන නිවේදනය ව්‍යාජ එකක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
  • දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, එම නිවේදනය දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇති එකක් නොවන බවයි.
  • ව්‍යාජ නිවේදන ගැන සොයා බැලීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් 2024/2025 ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා වන බැවින්, ජනතාව නොමඟ යැවීම සඳහා යම් පාර්ශ්වයක් මෙවැනි ව්‍යාජ නිවේදනයක් සකස් කර බෙදාහැර ඇති බවට සැක කරන බවද ඇය සඳහන් කළාය.
  • මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

PIN / TIN ලබාදීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) දෙදින විවෘතව තබන බව දැක්වෙන නිවේදනය ව්‍යාජ එකක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, එම නිවේදනය දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇති එකක් නොවන බවයි.

ව්‍යාජ නිවේදන ගැන සොයා බැලීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

2024/2025 ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා වන බැවින්, ජනතාව නොමඟ යැවීම සඳහා යම් පාර්ශ්වයක් මෙවැනි ව්‍යාජ නිවේදනයක් සකස් කර බෙදාහැර ඇති බවට සැක කරන බවද ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

ජනතාව මෙවැනි ව්‍යාජ නිවේදනවලට හසු නොවී, නිල තොරතුරු සඳහා පමණක් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා 1944 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

(සටහන | ජේ.මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...