The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

FIFA දත්ත පද්ධතියට හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක්

Pasan

Pasan

November 27, 2026 • 8:25 PM

FIFA දත්ත පද්ධතියට හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සයිබර් ප්‍රහාරයකට ඉලක්ක වී තිබෙනවා.
  • පෞද්ගලික හා ව්‍යාපාරික තොරතුරු සීමිත ප්‍රමාණයකට හැකර්වරු ප්‍රවේශ වී ඇති බව සම්මේලනය ප්‍රකාශ කරනවා.
  • එහෙත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් විකිණීමේ ප්‍රතික්ෂේපිත ව්‍යාපෘතියේ ලිපි ගොනුවලට හැකර්ලා පිවිස නැති බව පැවසෙනවා.
  • මේ සයිබර් ප්‍රහාරය පිළිබඳව FIFA බ්‍රහස්පතින්දා (ඊයේ) එළිදරව් කළ ද සිද්ධිය සිදුවූයේ කවදා ද යන්න හෝ අනතුරට පත්ව තිබෙන්නේ කුමන තොරතුරු ද කියා පැහැදිලිව සඳහන් කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සයිබර් ප්‍රහාරයකට ඉලක්ක වී තිබෙනවා.

පෞද්ගලික හා ව්‍යාපාරික තොරතුරු සීමිත ප්‍රමාණයකට හැකර්වරු ප්‍රවේශ වී ඇති බව සම්මේලනය ප්‍රකාශ කරනවා. එහෙත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් විකිණීමේ ප්‍රතික්ෂේපිත ව්‍යාපෘතියේ ලිපි ගොනුවලට හැකර්ලා පිවිස නැති බව පැවසෙනවා.

මේ සයිබර් ප්‍රහාරය පිළිබඳව FIFA බ්‍රහස්පතින්දා (ඊයේ) එළිදරව් කළ ද සිද්ධිය සිදුවූයේ කවදා ද යන්න හෝ අනතුරට පත්ව තිබෙන්නේ කුමන තොරතුරු ද කියා පැහැදිලිව සඳහන් කළේ නැහැ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නන් ඇතුළු අදාළ බලධාරීන් සමඟ FIFA සමීපව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

හැකිං කණ්ඩායම වගකීම භාර ගනී

සයිබර් ප්‍රහාරය පිළිබඳ ස්ථිර කිරීමක් සිදුකර තිබෙන්නේ ‘කඩවසම් කොල්ලා හැකිං සමාජය’ (Handsome Boy Hacking Club) ලෙසින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් ඔවුන් සතුව FIFA ලිපි ගොනු තිබෙන බව කියමින් ‘ස්ක්‍රීන්ෂොට්’ ඡායාරූපයක් පසුගිය සතියේ X වේදිකාවේ බෙදා හැරීමෙන් පසුවයි. ඊට දින තුනකට පසුව මේ කණ්ඩායම හැක් කිරීමේ වගකීම භාරගෙන ඇති බවට පෙන්නුම් කර තිබෙන්නේ ගිගාබයිට් 12ක FIFA අභ්‍යන්තර ලියකියවිලි රහසේ පිටකර ඇති බවට පැවසෙන පෝස්ටුවකට ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන්.

තමන්ගේ දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වීම හා ඒවා බෙදා හැරීම විවේචනයට ලක් කරන FIFA විශේෂයෙන් පෞද්ගලික තොරතුරු හොරෙන් ලබා ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා.

ඉන්ෆන්ටීනෝට එල්ල වන විවේචන සහ ඉදිරි සභාපතිවරණය

මේ සයිබර් ප්‍රහාරය පැමිණෙන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීම සඳහා රහසේ කළ යෝජනාව අසාර්ථක වූ බවට වාර්තා පළවීමෙන් පසුව FIFA සහ එහි සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ගැන සියුම්ව පිරික්සීම වැඩිව තිබීම මධ්‍යයේ.

ඉන්ෆන්ටීනෝ ගෝලීය පාපන්දු ප්‍රධානියා ලෙස තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් සිටින අතර එමඟින් ඔහුට වසර 11ක කාලයක් එම තනතුර භුක්ති විඳීමෙන් පසුවත් 2031 වසර දක්වා එම ධුරයේ දිගුවක් ලැබෙනවා. හිටපු ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් බොහෝ දෙනෙක් ඔහුව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔවුන්ට වුවමනා වී තිබෙන්නේ ඉන්ෆන්ටීනෝ ඔහුගේ තනතුරෙන් ඉවත්ව යාම සහ FIFA ට වෙනත් දිශාවක් ලැබෙනු දැක ගැනීමටයි.

FIFA සභාපතිවරණය මාර්තු 18 වැනිදාට යෙදී තිබෙන අතර ජපානයේ කෝසෝ ටෂිමා සහ ප්‍රංශයේ ෆිලිප් ඩිඇලෝ ද තරග කිරීමට ඉදිරිපත්ව සිටිනවා. කොතරම් විවේචන තිබුණත් මේ තනතුරට නියම පුද්ගලයා තමා බවත් FIFA සභාපති වශයෙන් තමාට තවදුරටත් සිටීමට වුවමනා බවත් කියමින් ඉන්ෆන්ටීනෝ දැඩි තීරණයක එල්බ සිටිනවා.

(සටහන - වර්නන් ගුණසේකර)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...