ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී ඛේටයෙන් පන්දුව ඔප දැමීම තහනම් කරමින් පනවා තිබෙන නීතිය ඉවත් කරන ලෙසට ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් නායක ෂුබ්මන් ගිල් ඉල්ලා සිටියත් එම නීතිය හකුළා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) අදහසක් නැති බව වාර්තා වනවා.
පන්දුවට පසු දෝලනයක් (Reverse Swing) ලබා ගැනීම සඳහා පන්දු යවන්නන්ට උපකාරයක් වීම පිණිස මේ තහනම ඉවත් කළ යුතුව ඇතැයි ගිල් නවසිලන්තය ට එරෙහිව වෙලිංටන් නුවර පැවති ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ටෙස්ට් තරගය ජය පැරදුමින් තොරව අවසන් වීමෙන් පසුව කියා සිටියා.
කෙසේ වෙතත්, පන්දුවේ තත්ත්වය වෙනස් කරන අනෙකුත් ඔ්නෑම අසාධාරණ ක්‍රමවේදයක් මෙන් මේ නීතිය ද මෑත කාලයේදී ලිහිල් කිරීමේ සැලසුමක් ICCයට නැහැ.
කෝවිඩ් ගෙන ආ ඛේට තහනම!
රසකැවිලි, චුවිං ගම් සහ මින්ට් වර්ග මිශ්‍ර කළ ඛේටය ට ක්‍රිකට් පන්දුවේ හැඩය වෙනස් කළ හැකි වන අතර එම ක්‍රියාව අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම ඉතාම අසීරු වී තිබෙනවා.
2020 කොවිඩ් වසංගත සමයේදී පෙර පරෙස්සමේ පියවරක් වශයෙන් පන්දුවට කෙළ තැවරීමේ ක්‍රියාව තාවකාලිකව තහනම් කළ ICCය ඊට දෙවසරකට පසුව එය ස්ථිර තහනමක් බවට පත් කළා.
විකට් ලබාගැනීමේ අසීරුව
පැරණි පන්දුවේ එක් පැත්තක් ඔප දැමීම පිණිස කෙළ පාවිච්චි කරමින් අනෙක් පැත්ත ගොරෝසු ලෙස තබා ගැනීම වේග පන්දු යවන්නන්ට පන්දුව ප්‍රමාද වී දෝලනය කිරීමට උපකාරී වනවා. පන්දු යවන්නන්ට කඩුලු ලබා ගැනීම අසීරු කාර්යයක් වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ තහනම බවට ගිල් විශ්වාස කරනවා.
වෙලිංටන් හිදී ඉන්දියාව 720-9ක දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන තරගයේ සිවු වැනි දින මැදදී ඔවුන්ගේ පළමු ඉනිම නතර කළ ද, නවසිලන්තය ඔ්වර 120ක් නොදැවී සිටිමින් 239-5ක මුළු ලකුණු සංඛ්‍යාවකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.
ඉන්දියා ප්‍රිමිය ලීගය ඔවුන්ගේ ඛේට තහනම පසුගිය වසරේදී ඉවත් කරමින් පන්දු යවන්නන් සතුටු කළ ද, ජාත්‍යන්තර තරගවලදී එය ලිහිල් කිරීමට හේතුවක් ICCය දකින්නේ නැහැ.




