The Leader News
BREAKING
Top Ad
පුවත්

ආසියාවේ පළමු Digital Health ශාස්ත්‍රපති උපාධියත් ලංකාවේදීම

Pasan

Pasan

November 27, 2026 • 9:08 PM

ආසියාවේ පළමු Digital Health ශාස්ත්‍රපති උපාධියත් ලංකාවේදීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තරව පිළිගත් උපාධි ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට තවදුරටත් විදෙස් රටවලට යාමට අවශ්‍ය නොවන බවත්, ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල සමඟ එක්ව එම උපාධි ලංකාවේදීම ලබා දීමට International Institute of Health Sciences (IIHS) ආයතනය කටයුතු යොදා ඇත.
  • මෑතකදී පැවති IIHS උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිධාරීන් 730ක් පමණ උපාධි ලබාගත් අතර, මේ වන විට IIHS හි සිසුන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.
  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය දක්ෂ වෘත්තිකයන් බිහි කිරීම වෙනුවෙන් IIHS වැනි ආයතන ඉටු කරන සේවය අගය කළ යුතු බව උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශ කළාය.
  • University of Surrey සමඟ එක්ව නව ශාස්ත්‍රපති උපාධියක් එක්සත් රාජධානියේ University of Surrey විශ්වවිද්‍යාලය සමඟ එක්ව ආසියාවේ පළමු Digital Health ශාස්ත්‍රපති (MSc in Digital Health) උපාධිය ද ලංකාවේදී දියත් කිරීමට IIHS ආයතනය කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තරව පිළිගත් උපාධි ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට තවදුරටත් විදෙස් රටවලට යාමට අවශ්‍ය නොවන බවත්, ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල සමඟ එක්ව එම උපාධි ලංකාවේදීම ලබා දීමට International Institute of Health Sciences (IIHS) ආයතනය කටයුතු යොදා ඇත.

මෑතකදී පැවති IIHS උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිධාරීන් 730ක් පමණ උපාධි ලබාගත් අතර, මේ වන විට IIHS හි සිසුන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය දක්ෂ වෘත්තිකයන් බිහි කිරීම වෙනුවෙන් IIHS වැනි ආයතන ඉටු කරන සේවය අගය කළ යුතු බව උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශ කළාය.

img-20261127-205800-mceclip0-LLqnEl.jpg

University of Surrey සමඟ එක්ව නව ශාස්ත්‍රපති උපාධියක්

එක්සත් රාජධානියේ University of Surrey විශ්වවිද්‍යාලය සමඟ එක්ව ආසියාවේ පළමු Digital Health ශාස්ත්‍රපති (MSc in Digital Health) උපාධිය ද ලංකාවේදී දියත් කිරීමට IIHS ආයතනය කටයුතු කර ඇත. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ සිසුන්ට සහ වෘත්තිකයන්ට ලංකාවේ සිටම ඉගෙන ගනිමින් ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසුවේ, "Digital Health යනු සෞඛ්‍ය සේවයේ අනාගතයට අත්‍යවශ්‍ය දෙයක්. ආසියාවේ පළමු University of Surrey Digital Health ශාස්ත්‍රපති උපාධිය ලබා දීමෙන්, අපි උපාධිධාරීන්ට සහ වෘත්තිකයන්ට ගෝලීය වෘත්තීන් සඳහා ප්‍රවේශ වීමට අවස්ථා නිර්මාණය කරන අතරම, දේශීයව සහ ජාත්‍යන්තරව සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරමින් සිටිනවා" යනුවෙනි.

කලාපීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ දැක්ම

University of Surrey හි ජාත්‍යන්තර අංශයේ සහකාර පීඨාධිපතිනි වෛද්‍ය ෂෙලිනි සුරේන්ද්‍රන් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත වෙමින් පවතින අතර, මෙම හවුල්කාරිත්වය මගින් ආසියාව පුරා සිසුන්ට IIHS හිදී ඉහළම මට්ටමේ එක්සත් රාජධානියේ සෞඛ්‍ය අධ්‍යාපනයට ප්‍රවේශ වීමට මග පෑදෙන බවයි.

වසර 23කට වැඩි කාලයක් සෞඛ්‍ය පුහුණු ක්ෂේත්‍රයේ නිරත IIHS ආයතනය, ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ "Study Sri Lanka" දැක්මට ද සහාය පළ කරයි. එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ලක්ෂ ගණන් වියදම් කර විදෙස්ගත නොවී, ලංකාවේ සිටම ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබාගෙන ගෝලීය රැකියා ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...