The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

22 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට

T

The Leader Desk

September 22, 2026 • 4:40 AM

22 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් විශේෂ අර්ථනිරූපණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.
  • විනිසුරු මඬුල්ලේ තීන්දුව සහ විශේෂ නිර්දේශ මෙම සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ගොනුකළ පෙත්සම් 67ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
  • එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ, මෙම කෙටුම්පතෙහි අන්තර්ගත කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යොමු කළ යුතු මට්ටමේ කරුණක් නොවන බවයි.
  • ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*අධිකරණ සංවිධාන පනත සාමාන්‍ය බහුතරයෙන්: විවාදය 24 සහ 25 දෙදින තුළ

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම වෙනුවෙන් රජය ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් විශේෂ අර්ථනිරූපණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

විනිසුරු මඬුල්ලේ තීන්දුව සහ විශේෂ නිර්දේශ

මෙම සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ගොනුකළ පෙත්සම් 67ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ, මෙම කෙටුම්පතෙහි අන්තර්ගත කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යොමු කළ යුතු මට්ටමේ කරුණක් නොවන බවයි. ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී ඇත.

මීට අමතරව, පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන්ට අදාළව ඉදිරිපත් කර තිබූ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දී තිබේ.




යෝජිත සංශෝධනයේ පසුබිම

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත. අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම, පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රඳවා ගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම පියවරෙහි මූලික අරමුණ බව රජයේ ස්ථාවරයයි.

නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන කරළියේ සංවාදය

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීති සහ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව අතර පුළුල් සංවාදයක් නිර්මාණය විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු වෘත්තීය කණ්ඩායම් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ පෙන්වා දුන්නේ මෙවැනි වෙනසක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සමතුලිතතාවට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ප්‍රකාශ කර ඇත්තේ, මෙම සංශෝධනය මගින් පද්ධතියේ ප්‍රවර්ධන අවස්ථා අඩාල වන බැවින් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විවාදය එළඹෙන 24 සහ 25 දෙදින

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගෙන ඇති තීරණය අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතනින්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...