BREAKING
Top Ad
පුවත්

ශිරාණිගේ දෝෂාභියෝගය මතක් කරමින් 22 ගැන දිලිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්

T

The Leader

September 24, 2026 • 4:39 AM

ශිරාණිගේ දෝෂාභියෝගය මතක් කරමින් 22 ගැන දිලිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යවස්ථානුකූලභාවය මිස ප්‍රතිපත්තියක යහපත අධිකරණයෙන් තීරණය නොවන බවට පෙන්වා දෙයි
  • එම ප්‍රතිපත්තිමය තීන්දුව සම්පූර්ණයෙන්ම මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය සතු වගකීමක් බව ඔහු පවසයි.
  •   අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල වන විට සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂක පවුර බිඳවැටෙන බව එකල සියලු දෙනා වටහාගෙන සිටි බවත්, එම මූලධර්මයන්හි වලංගුභාවය වර්තමානයටත් එලෙසම අදාළ වන බවත් ඔහු සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
  •   යම් හෙයකින් පක්ෂ විනය හෝ දේශපාලන හේතු මත ඊට එරෙහිව ඡන්දය දීමට ප්‍රායෝගික අපහසුතාවක් ඇත්නම්, ඡන්දය දීමෙන් වැළකී සිටීම පවා ඉතිහාසය තුළ වටිනා තීරණයක් ලෙස සටහන් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශපාලන පක්ෂ නියෝග වෙනුවට ජනතා පොරොන්දු මුල්කරගෙන තීරණ ගන්නැයි ඉල්ලීමක්


යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී, පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් තම හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්නා ලෙස සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. අද (24) පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.  

අධිකරණයේ කාර්යභාරය සහ ව්‍යවස්ථානුකූල සීමාවන්  

පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන සීමාවන් පිළිබඳව පැහැදිලි කරන දිලිත් ජයවීර, අධිකරණය විසින් සිදුකරනු ලබන්නේ යෝජිත පනතක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න සොයා බැලීම පමණක් බව පෙන්වා දෙයි.  

එමෙන්ම එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින්, තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතුද යන්න තීන්දු කිරීම අධිකරණ බලසීමාව වන බවත්, යම් සංශෝධනයක් රටට හෝ ජනතාවට ප්‍රායෝගිකව යහපත් වන්නේද යන්න අධිකරණය විසින් තීරණය නොකරන බවත් එම ලිපියෙහි අවධාරණය කර ඇත. එම ප්‍රතිපත්තිමය තීන්දුව සම්පූර්ණයෙන්ම මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය සතු වගකීමක් බව ඔහු පවසයි.  

ස්වාධීන අධිකරණය සහ අතීත පාඩම්  

වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතීතයේ පටන් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටි බව සිහිපත් කරන මන්ත්‍රීවරයා, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝගය හමුවේ ඔවුන් දැක්වූ විරෝධය ඊට උදාහරණයක් ලෙස දක්වයි.  

අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල වන විට සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂක පවුර බිඳවැටෙන බව එකල සියලු දෙනා වටහාගෙන සිටි බවත්, එම මූලධර්මයන්හි වලංගුභාවය වර්තමානයටත් එලෙසම අදාළ වන බවත් ඔහු සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.  

පක්ෂ නියෝග වෙනුවට ජනතා එකඟතාව  

මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ පටු පක්ෂ දේශපාලන රාමුවකට යටත්ව කටයුතු කිරීමට නොව ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට බව සඳහන් කරන දිලිත් ජයවීර, ඡන්දය ප්‍රකාශ කිරීමේදී තීරකයා විය යුත්තේ පක්ෂයේ උපදෙස් නොව ජනතා බලාපොරොත්තු බව සිහිපත් කරයි.  

යම් හෙයකින් පක්ෂ විනය හෝ දේශපාලන හේතු මත ඊට එරෙහිව ඡන්දය දීමට ප්‍රායෝගික අපහසුතාවක් ඇත්නම්, ඡන්දය දීමෙන් වැළකී සිටීම පවා ඉතිහාසය තුළ වටිනා තීරණයක් ලෙස සටහන් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.  

නීති ක්ෂේත්‍රයේ සහ ජාත්‍යන්තර අවධානය  

22 වැනි සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කෙටුම්පත සම්මත කිරීමේදී පක්ෂ විනයෙන් තොරව තම හෘද සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු දේශපාලන පක්ෂ විසින් තම මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි.  

එමෙන්ම ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ආගමික නායකයන් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (Commonwealth Lawyers Association), ආසියානු හා ශාන්තිකර කලාපීය නීතිඥ සංගමය (LAWASIA) සහ එක්සත් ජාතීන්ගේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු ඇතුළු පාර්ශ්ව රැසක් ද මෙම සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ සිය නිරීක්ෂණ සහ අවධානය පළකර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...