BREAKING
Top Ad
පුවත්

22 සංශෝධනයේ තීරණාත්මක ඡන්දය අද 7ට: අගමැතිනි හරිනි මොනවා කරයි ද ?

T

The Leader

September 24, 2026 • 11:43 PM

22 සංශෝධනයේ තීරණාත්මක ඡන්දය අද 7ට: අගමැතිනි හරිනි මොනවා කරයි ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 7ට මොකද වෙන්නේ කියලා බලාගන්න – ආණ්ඩුවේ ස්ථාවරය ගැන අගමැතිනි හරිනි දුන් පිළිතුර.
  • ආණ්ඩුවේ සාමූහික අරමුණ කිසිදු අයුරකින් වෙනස් වී නොමැති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, අද පස්වරු 7.00ට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙනු ඇති බව සඳහන් කළාය.
  • තවද, මෙම සංශෝධනය කිසිදු තනි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් නොවන බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය රඳවා ගනිමින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බවත් ඇය විවාදයේදී පෙන්වා දුන්නාය.
  • විපක්ෂයේ ස්ථාවරය සහ විරෝධතා මේ අතර, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ මෙම සංශෝධනයන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද දැඩි විරෝධයක් එල්ල කරමින් සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


හෘද සාක්ෂියට එකඟව නැත්නම් ඡන්දය දීමෙන් වළකින ලෙස සිවිල් සංවිධානවලින් මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්.



අද පස්වරු 7.00ට පැවැත්වෙන තීරණාත්මක ඡන්ද විමසීම  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙදින විවාදයේ දෙවන දිනය අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, ඊට අදාළ තීරණාත්මක ඡන්ද විමසීම අද පස්වරු 7.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. අධිකරණ ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ (Structural Reforms) මෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කිරීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව මෙන්ම සිවිල් සමාජය ද දැඩි අවධානයකින් පසුවෙයි.

ආණ්ඩුවේ සාමූහික ස්ථාවරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ අවධාරණය කළේ, රජය තුළ විවිධ මතභේද පවතින බවට සහ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් වන බවට පසුගිය කාලය පුරා පැතිර ගිය ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ආණ්ඩුවේ සාමූහික අරමුණ කිසිදු අයුරකින් වෙනස් වී නොමැති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, අද පස්වරු 7.00ට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙනු ඇති බව සඳහන් කළාය.

තවද, මෙම සංශෝධනය කිසිදු තනි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් නොවන බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය රඳවා ගනිමින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බවත් ඇය විවාදයේදී පෙන්වා දුන්නාය.


විපක්ෂයේ ස්ථාවරය සහ විරෝධතා

මේ අතර, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ මෙම සංශෝධනයන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද දැඩි විරෝධයක් එල්ල කරමින් සිටියි. මෙම පනත් කෙටුම්පත් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට සිදුවන බලපෑම් පිළිබඳව විපක්ෂ නියෝජිතයෝ විවාදයේදී දිගින් දිගටම තර්ක ඉදිරිපත් කළහ.

හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්නැයි සිවිල් සංවිධාන ඉල්ලයි

ඡන්ද විමසීම ආසන්නයේ දී විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන 'දිනන දකුණ සාමූහිකය', පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂ දේශපාලන සීමාවන්ගෙන් ඔබ්බට ගොස් තම හෘද සාක්ෂියට එකඟව මෙම ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙසයි. යම් හෙයකින් හෘද සාක්ෂියට එකඟව පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමට නොහැකි වාතාවරණයක් පවතින්නේ නම්, ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ද එම සාමූහිකය මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


ජනතා නියෝජිතයන්ගේ තීරණවල අවංකභාවය මත ජනතා විශ්වාසය රඳා පවතින බව පෙන්වා දෙන සිවිල් සංවිධාන, මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථාමය සංශෝධනයකදී මහජන වගකීම අත්නොහැර ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
dd 2609254rfwi

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...