BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි

T

The Leader Desk

August 31, 2026 • 4:28 AM

'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *අධිකරණ පද්ධතියේ කඩිනම් වෙනසක් වෙනුවෙන් ගත් පියවර ආපස්සට නොගන්නා බවට විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
  • අධිකරණ යාන්ත්‍රණය නවීකරණය කරමින් දූෂණයට හා වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
  • අධිකරණය හමුවේ පවතින නෛතික කරුණු සහ ඉදිරි තීන්දු පිළිබඳව දේශපාලන වේදිකාවලදී පූර්ව නිගමන ප්‍රකාශයට පත් කිරීම නීතිඥ ප්‍රජාව, පහළ අධිකරණවල විනිසුරුවරුන් මෙන්ම ආගමික නායකයන්ගේ ද දැඩි අවධානයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
  • නෛතික අභියෝග සහ පාරිසරික අර්බුද පිළිබඳ අනතුරු ඇඟවීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් ආචාර්ය සුරේන් රාඝවන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්.
අකුරු ප්‍රමාණය (Font Size):


*අධිකරණයේ ස්වාධීනත්වය සහ බලතල බෙදීම පිළිබඳ විපක්ෂයෙන් සහ විවිධ දේශපාලන පාර්ශ්වවලින් විවේචන

රටේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගනිමින් ගෙන ඒමට සැලසුම් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් සංශෝධන ක්‍රියාවලිය වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට තුඩු දී තිබේ. ආණ්ඩු පාර්ශ්වය මෙම ප්‍රතිසංස්කරණ නීතියේ ආධිපත්‍යය හා පද්ධතිගත ගැටලු විසඳීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස පෙන්වා දෙන අතර, විපක්ෂයේ පාර්ශ්ව ගණනාවක් ඒ සම්බන්ධයෙන් විවිධ නෛතික හා දේශපාලනික ගැටලු මතු කරමින් සිටියි.

ප්‍රතිසංස්කරණවලින් අඩියක්වත් පස්සට ගන්නේ නෑ - අධිකරණ අමාත්‍යවරයා

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති මහජන හමුවක් අමතමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අවධාරණය කළේ, වසර ගණනාවක් පුරා ගොඩගැසී ඇති නඩු ලක්ෂ එකොළහකට අධික ප්‍රමාණය කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා පද්ධතිමය වෙනස්කම් රැසක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම තීරණය කිසියම් එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ගත් පියවරක් නොවන බවත්, දිසා විනිසුරුවරුන් ඇතුළු සමස්ත පද්ධතියේම විනිශ්චයකාරවරුන් වෙනුවෙන් පොදුවේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක් බවත්ය. අධිකරණ යාන්ත්‍රණය නවීකරණය කරමින් දූෂණයට හා වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.




අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවට විපක්ෂයේ චෝදනා

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග මඟින් අධිකරණ ස්වාධීනත්වයට ඍජු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

අධිකරණය හමුවේ පවතින නෛතික කරුණු සහ ඉදිරි තීන්දු පිළිබඳව දේශපාලන වේදිකාවලදී පූර්ව නිගමන ප්‍රකාශයට පත් කිරීම නීතිඥ ප්‍රජාව, පහළ අධිකරණවල විනිසුරුවරුන් මෙන්ම ආගමික නායකයන්ගේ ද දැඩි අවධානයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නෛතික අභියෝග සහ පාරිසරික අර්බුද පිළිබඳ අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් ආචාර්ය සුරේන් රාඝවන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල අන්තර්ගත කරුණු කෙරෙහි පුළුල් සමාජ අවධානයක් යොමුවිය යුතු බවයි.

''JR නොකළ තරමේ ඒකාධිපතිත්වයක් වත්මන් ආණ්ඩුව කරනවා''

මේ අතර සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර බුත්තල ප්‍රදේශයේ ඊයේ (30) පැවති උත්සවයකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් නොකළ ආකාරයේ ඒකාධිපතිත්වයක් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නංවමින් සිටින බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා වීම අත්‍යවශ්‍ය කරුණක් බව පැවසු මන්ත්‍රීවරයා, ආගමික නායකයින්ගේ සහ මහනායක හිමිවරුන්ගේ මඟපෙන්වීම්වලට ගරු කරමින්, පවුල්වාදී හෝ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණුවලින් තොරව මහජන අපේක්ෂාවන් ඉටු කරන පාලන ක්‍රමයක් වෙනුවෙන් සියලු ප්‍රගතිශීලී බලවේග පෙළගැසිය යුතු බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර,

''පිය උරුමයෙන් නායකත්වය හිමියි කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවානම් එය වෙනස්විය යුතු කාලය ඇවිල්ලා''

"ඩෝබි කමෙන්ටු බලකාය ගහනවා මේ එන්නේ තව රාජපක්ෂ අවතාරයක් කියලා.  2014දී අද අමෙරිකාවට ගිහිල්ලා හැංගිලා ඉන්න මේ රටේ ජාතිකවාදී දේශපාලනය විනාශ කරපු, අදටත් විනාශ කරන බැසිල් කුමන්ත්‍රණකාරීව අවුරුදු දෙකකට කලින් ඡන්දය තියලා මහින්ද මහත්තයාව ගෙදර යවලා ඉක්මනට ජනපති වෙන්න ඒ සිහිනයෙන් කටයුතු කරද්දී අපි කම්පාවෙලා පැත්තකට වුණා.  අද මේ අපි මේ තත්ත්වයට ඇදලා දාලා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම වශයෙන් අභියෝගයට ලක්වෙලා. ජේ.ආර්.ජයවර්ධනවත් කිව්වේ නැහැ, මට ඕන දේ මං කරනවා මහනායක හාමුදුරුවෝ කිව්වත් අහන්නේ නැහැ කියලා. කිසිම ජනපතිවරයෙක් මෙතෙක් කිව්වේ නැහැ, කිව්වේ මේ ජනපති විතරයි. එතකොට මෙතරම් ඒකාධිපති ජනපතිවරයෙක් බිහිකරන්න මේ රටේ මිනිස්සු නෙවෙයි කටයුතු කළේ මේ රටේ ආත්මාර්ථකාමී දේශපාලනඥයෝ. ඒක කළේ මේ රටේ මිනිස්සු නෙවෙයි, ඒක කළේ දේශපාලනඥයෝ ඔබලාගේ මුහුණක් මුහුණ දකින පාසා මට දැනෙන කණගාටුව.  එයින් මතුවෙන හෘදසාක්ෂියට විරුද්ධව මොන දේශපාලනය කරන්නටද අපි ඇවිල්ලා තියෙන්නේ.

ඔබේ ඡන්දය අරගෙන ගිහිල්ලා මේ රටේ ජනපති වුණත් වැඩක් නැහැ හෘද සාක්ෂියට එකඟව මේ දේශපාලනය නොකර.  අපි කරන මේ දේශපාලනය, ප්‍රගතිශීලි බලවේග එකතු කරගන්නට කරන එකක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ පක්ෂවලට මුක්කු ගහනවා කියලා.  දේශපාලන පක්ෂවලට මුක්කු ගහන්නවත් පරම්පරාවෙන්, පවුලෙන් දේශපාලනයට ආවා පිය උරුමයෙන් නායකත්වය හිමියි කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවානම් එය වෙනස්විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා.  එය තමනුත් තමනුත් හිතාගන්නට ඕනේ මේ රටේ කිසිදෙයක් පිය උරුමයෙන් හම්බු වෙන්නේ නැහැ තමන්ට උරුමයක් තියෙනවානම් ඒ උරුමය එන්නේ මේ රටේ මහජනතාවගේ සෙනෙහස තුළින් පමණයි."


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි | The Leader