BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

T

The Leader Desk

August 31, 2026 • 10:39 AM

 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කෙටුම්පත හෙට (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
  • අභයකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නම් කර ඇත.
  • පෙත්සම් සහ අතරමැදි පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක් අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ.
  • ඊට අමතරව, මෙම නඩු කටයුතුවලට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක් සලකා බැලේ


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම අරමුණු කරගනිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති සියලුම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

මෙම විශේෂ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කරන අතර, විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් බී. අභයකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නම් කර ඇත.

පෙත්සම් සහ අතරමැදි පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක්

අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ. ඊට අමතරව, මෙම නඩු කටයුතුවලට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව ඇත.

අදාළ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දැනට ගොනු කර ඇති සහ ඉදිරියේදී ගොනු කිරීමට නියමිත සියලු පෙත්සම් විභාග කර අවසන් කිරීම සඳහා හෙට, එනම් 2026 සැප්තැම්බර් 01 වන දින අධිකරණය හමුවේ ලැයිස්තුගත කරන ලෙස අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර ඇත. ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයන්ට සහ නීතිපතිවරයා වෙත මේ පිළිබඳව දැනුම් දීමට පියවර ගෙන තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය හා ඓතිහාසික පසුබිම

ව්‍යවස්ථා සංශෝධන සහ විනිසුරුවරුන්ගේ ධුර කාලය පිළිබඳ සංවාදය කරළියට පැමිණ ඇති මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකාවේ 40 වන අගවිනිසුරු ධුරය හෙබවූ දිවංගත ජී. පී. එස්. ද සිල්වා මහතාගේ අභාවය සිහිපත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.

1991 සිට 1999 දක්වා කාලය තුළ අගවිනිසුරු ධුරය දැරූ ජී. පී. එස්. ද සිල්වා ගේ නායකත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් අධිකරණ බලය නොබියව ක්‍රියාවට නැංවූ ආකාරය පෙන්වා දෙන සාලිය පීරිස්, විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බල සීමාවන් නිර්ණය කරමින් ප්‍රකාශයට පත් කළ විකාශන අධිකාරී පනත් කෙටුම්පත (Broadcasting Authority Bill) පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුව ද සිහිපත් කරයි.

ජනතාවගේ ස්වෛරී අයිතිවාසිකම් සුරැකීමේදී සහ විධායක බලයේ සීමාවන් ඉක්මවා යාම් පාලනය කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉටු කර ඇති ඓතිහාසික භූමිකාවත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කමත් පෙන්වා දෙන නීති ක්ෂේත්‍රයේ විද්වතුන්, 22 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙරට ව්‍යවස්ථා ඉතිහාසයේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බව පෙන්වා දෙයි.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...