BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට: පක්ෂ විපක්ෂ පෙත්සම් හැටගනනක් විභාගයට

T

The Leader Desk

September 1, 2026 • 3:55 AM

22 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට: පක්ෂ විපක්ෂ පෙත්සම් හැටගනනක් විභාගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ 22 ගැන තීරණාත්මක විභාගය ඇරඹෙයි
  • මෙම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.
  • මෙම සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
  • පීරිස්, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, හර්ෂණ රාජකරුණා, ජාතික ජන බලවේගයේ නීතිඥ ලාල් විජේනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී.
අකුරු ප්‍රමාණය (Font Size):


*විනිසුරු විශ්‍රාම වයස වෙනසට එරෙහිව සහ පක්ෂව සමාජ බලවේග අධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් අන්තර්ගත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ ඊට පක්ෂව ගොනුකර ඇති පෙත්සම් 60කට අධික සංඛ්‍යාවක් අද (01) සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා ලබා දී තිබූ කාලසීමාව ඊයේ (31) දිනෙන් අවසන් වූ අතර, නීති ක්ෂේත්‍රය, දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන නියෝජනය කරමින් පාර්ශ්ව රැසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගය

අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැත්වීමට නියමිතය. මෙම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් කටයුතු කරනු ලබයි. මෙම සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්කරුවන්ගේ තර්කය

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පවසමින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂය සහ සිවිල් සංවිධාන ගණනාවක් පෙත්සම් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, සහකාර ලේකම් ලකිත වාකිෂ්ඨආරච්චි, භාණ්ඩාගාරික පසිඳු සිල්වා, කොළඹ නීතිඥ සංගමය, තරුණ නීතිඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංවිධානය සහ නිදහස් නීතිඥ සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න  ද ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව දේශපාලන පක්ෂ සහ මහජන නියෝජිතයන් වශයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, හර්ෂණ රාජකරුණා, ජාතික ජන බලවේගයේ නීතිඥ ලාල් විජේනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ මිලින්ද රාජපක්ෂ ද පෙත්සම්කරුවන් අතර වෙති.

වෛද්‍ය චමල් සංජීව, ලංකා ගුරු සංගමය, පුරවැසි බලය, ජාතික භික්ෂු පෙරමුණ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය අජන්තා පෙරේරා, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, මහාචාර්ය රන්ජන් අභයරත්න, ශිරාල් ලක්තිලක, සුනිල් ජයසුන්දර (විනිවිද පදනම) සහ ආනන්ද පාලිත ද මෙම සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවට ගොස් සිටිති.

පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් වූ පෙත්සම්

මේ අතර යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සරත් මනමේන්ද්‍ර, නීතිඥ ජනක අධිකාරි, නීතිඥ පාලිත සේනාධීර, නීතිඥ බුද්ධික විජේසූරිය, ජාමුනි කමන්ත තුෂාර, සුදන්ත තිලකසිරි සහ සරත් ලාල් යඒ අතර වෙති. පනත් කෙටුම්පත සම්මත කිරීම හරහා අධිකරණ පද්ධතියේ ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවස්ථාව සැලසෙන බව එම පාර්ශ්වයන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ.

Screenshot 2026 09 01 091957

විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය

ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, වර්තමානයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමා වන වාතාවරණයක් තුළ යෝජිත 22 වැනි සංශෝධනය මඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

ආර්ථික අභියෝග මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළීම වැළැක්වීම සඳහා සිවිල් සමාජය සමඟ එක්ව පෙනී සිටින බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් අවධාරණය කළේය.


වැඩිදුර තොරතුරු :

ශ්‍රේෂ්ඨාධිකරණ දෛනික නඩු ලේඛනය (01.09.2026 Daily Court List) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...