BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 වන සංශෝධන පෙත්සම් විභාගය ඇරඹෙයි: පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

September 1, 2026 • 7:42 AM

22 වන සංශෝධන පෙත්සම් විභාගය ඇරඹෙයි: පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට: පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගය අරඹයි
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 05ක් වශයෙන් සමස්ත පෙත්සම් 72ක් අධිකරණය හමුවේ ගොනු කර තිබේ.
  • පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබඳ තර්කය නඩු කටයුතු ආරම්භයේදීම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.
  • සුමන්තිරන් මූලික විරෝධතාවක් මතු කරමින් ඉල්ලා සිටියේ, මෙම සංශෝධනයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කම සලකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ ඉල්ලීම ඉවතට: 22 වන සංශෝධන පෙත්සම් සලකා බැලීම ඇරඹේ


ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 05ක් වශයෙන් සමස්ත පෙත්සම් 72ක් අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබඳ තර්කය

නඩු කටයුතු ආරම්භයේදීම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මූලික විරෝධතාවක් මතු කරමින් ඉල්ලා සිටියේ, මෙම සංශෝධනයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කම සලකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සක්‍රීය විනිසුරුවරුන් 13 දෙනෙකු සිටින බැවින් පංච පුද්ගල මඩුල්ල සමස්ත සංයුතියෙන් අඩකටත් අඩු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ඉල්ලීමට තවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ කණ්ඩායම සිය එකඟතාව පළ කළහ.

ව්‍යවස්ථාපිත බලතල සහ නීතිපති ස්ථාවරය

මීට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණයට කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප්‍රකාරව විනිසුරු මඩුල්ලක සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ නෛතික අභිමතය සම්පූර්ණයෙන්ම අගවිනිසුරුවරයා සතු වන බවයි. එම බලයට මැදිහත් වීමට කිසිදු බාහිර පාර්ශ්වයකට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම ද එම ස්ථාවරය තහවුරු කරමින් කරුණු දැක්වූහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම සඳහා මිනිත්තු 15ක කාලයකට නඩු විභාගය කල් තැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව යළි රැස්වෙමින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය. ඒ අනුව, දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යාම ආරම්භ විය.

ඉඩකඩ ගැටලුව නිසා ශාලාව මාරු වෙයි

අද උදෑසන මෙම නඩු විභාගය අංක 502 දරන අධිකරණ ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද, නීතිඥවරුන්, පාර්ශ්වකරුවන් සහ මහජනතාව විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් ශාලාව තුළ දැඩි තදබදයක් නිර්මාණය විය.

පෙත්සම්කරුවන් පිරිසකට ශාලාවෙන් පිටත රැඳී සිටීමට සිදු වූ බැවින්, නඩු විභාගය වඩාත් ඉඩකඩ සහිත අංක 501 දරන උත්සව අධිකරණ ශාලාව (Ceremonial Court) වෙත මාරු කරන ලෙස ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය. අනතුරුව නඩු විභාගය අංක 501 ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...