BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 වැනි සංශෝධන පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ උණුසුම් තර්ක විතර්ක

T

The Leader Desk

September 1, 2026 • 10:21 AM

22 වැනි සංශෝධන පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ උණුසුම් තර්ක විතර්ක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්
  • සුමන්තිරන් දැක්වූ ප්‍රබල තර්ක ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥවරුන් 100කට අධික පිරිසක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.
  • සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයේම වෙන්කළ නොහැකි කොටසක් බව පෙන්වා දුන්නේය.
  • එමෙන්ම, වත්මන් විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ අදාළ විෂය කරුණ අතර පවතින ගැටුම්කාරී පසුබිම හේතුවෙන් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන්ද ඇතුළත් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය යුතු බවට ඔහු දැඩිව තර්ක කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා කළ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි; පංච පුද්ගල මඩුල්ල හමුවේ විභාගය ඇරඹේ


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

නඩු කටයුතු ආරම්භයේදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම සංශෝධනයෙන් අධිකරණයේ පැවැත්මට සහ ස්වාධීනත්වයට එල්ල වන ආයතනික බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත ‘පූර්ණ විනිසුරු මඩුල්ලක්’ (Full Court) හමුවේ මෙම පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් දැක්වූ ප්‍රබල තර්ක

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥවරුන් 100කට අධික පිරිසක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයේම වෙන්කළ නොහැකි කොටසක් බව පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන්ගේ නිල කාලයෙහි සහ විශ්‍රාම වයසෙහි ස්ථාවරභාවය (Security & Certainty of tenure) රැකගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු , විධායකය හෝ ව්‍යවස්ථාදායකය තමන්ට හිතකර යැයි සිතන නිශ්චිත අවස්ථාවක අධිකරණයේ සංයුතිය වෙනස් නොවී පවත්වා ගැනීමට (Lock-in) උත්සාහ කිරීම බලතල බෙදීමේ න්‍යාය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සහ මූලික ව්‍යුහය (Basic Structure) පිළිබඳවද කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්තිරන්, ජනමත විචාරණයකින් වුවද අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ කළ නොහැකි බවත්, කිසියම් ආණ්ඩුවක් අධිකරණයේ සංයුතිය බලහත්කාරයෙන් රඳවා ගැනීමට තැත් කරන්නේ නම් එය සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටීමට හේතු වන බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම, වත්මන් විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ අදාළ විෂය කරුණ අතර පවතින ගැටුම්කාරී පසුබිම හේතුවෙන් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන්ද ඇතුළත් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය යුතු බවට ඔහු දැඩිව තර්ක කළේය.

නීතිපති පාර්ශ්වයේ ස්ථාවරය

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) වගන්තිය ප්‍රකාරව යම් නඩුවක් විභාග කිරීම සඳහා විනිසුරු මඩුල්ලක් පත්කිරීම සහ එහි සංයුතිය තීරණය කිරීමේ පූර්ණ අභිමතය අගවිනිසුරුවරයා සතු බවයි.

එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරුන්ද පෙන්වා දුන්නේ නීතිමය ප්‍රතිපාදන අනුව විනිසුරු මඩුල්ලේ සාමාජික සංඛ්‍යාව තීරණය කිරීමේ තනි බලය අගවිනිසුරුවරයා සතු වන බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් කැඳවීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.

පූර්ණ විනිසුරු මඩුල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම

දෙපාර්ශ්වයේම මූලික කරුණු දැක්වීම් සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය. ඒ අනුව දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය අවසන් තීරණය කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...