The Leader News
BREAKING
IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●
Top Ad
පුවත්

වන්නි සමූහ මිනීවලෙන් ගොඩගත් සිරුරු ’94 සහ ’96 අතර යුද සමයේ බව හෙළි වේ

T

The Leader Desk

February 23, 2024 • 1:49 AM

වන්නි සමූහ මිනීවලෙන් ගොඩගත් සිරුරු ’94 සහ ’96 අතර යුද සමයේ බව හෙළි වේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා බවට කැනීම් කටයුතු සිදුකරන විශේෂඥයෝ විශ්වාස කරති.
  • වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මුලතිව් දිසා අධිකරණයට අද (22) ලබා දුන් වාර්තාවකින් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ.
  • කොක්කුතොඩුවායි - කොක්කිලායි මාර්ගයේ ජල නල එළීමේදී ගිය අවුරුද්දේ ජුනි 29 දා අහඹු ලෙස සොයා ගන්නා ලද මෙම ස්ථානයේ කැණීමේ පළමු අදියර දෙකේදී මිනිස් ඇටසැකිලි 40 ක සිරුරු කොටස් ගොඩගන්නා ලදී.
  • ඒ පිළිබඳ කාල නිර්ණයක් කර ඇත්තේ මුල්ම වතාවටය.
අකුරු ප්‍රමාණය (Font Size):

1994 සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා  බවට කැනීම් කටයුතු සිදුකරන විශේෂඥයෝ විශ්වාස කරති.


වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මුලතිව් දිසා අධිකරණයට අද (22)  ලබා දුන් වාර්තාවකින් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ.

කොක්කුතොඩුවායි - කොක්කිලායි මාර්ගයේ ජල නල එළීමේදී ගිය අවුරුද්දේ ජුනි 29 දා  අහඹු ලෙස සොයා  ගන්නා ලද මෙම ස්ථානයේ කැණීමේ පළමු අදියර දෙකේදී මිනිස් ඇටසැකිලි 40 ක සිරුරු කොටස් ගොඩගන්නා  ලදී.

ඒ පිළිබඳ කාල නිර්ණයක් කර ඇත්තේ මුල්ම වතාවටය.


"මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාව අද ඉදිරිපත් කර ඇත. සිරුරු කොටස් 40ක් පුරාවිද්‍යා කණ්ඩායම විසින් සම්පූර්ණයෙන් පරීක්‍ෂා කර ඇත. ආගමික වතාවත් පවත්වීමකින් තොරව කඩිමුඩියේ මිහිදන් කර ඇති ඒවා  1994-96 අතර යුද සමයේදී මිහිදන් කළා වන්නට පුළුවනි,” යි මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) කනගසබාපති වාසුදේව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පැවසීය.


බහුතරයක් කාන්තාවන්ගේ වන ගොඩගන්නා ලද සිරුරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බවට සැක කෙරේ. මෙම සිරුරු කොටස් සහ කාන්තාවන් අඳින යට ඇඳුම් ඇතුළු ඇඳුම් කොටස් සහ හැඳිනුම් තහඩු කැණීමේදී සොයා ගනු ලැබිණ.

මෙම කැණීම සම්බන්ධයෙන් වැඩිදුර තීරණය මාර්තු 4 වැනිදා නඩුවේ මීළඟ නඩු විභාගයේදී ලබාදෙන බව අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී කේ නිරංජන් පැවසීය.

“අමාත්‍යාංශයෙන් මුදල් මුදා හැරීමට යටත්ව කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ සිරුරු කොටස් කැණීමේ මීළඟ අදියර මාර්තු 4 වැනිදා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, හේතුව, වයස, ලිංගභේදය සහ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ..”

රේඩාර් උපකරණ මගින් සිදු කරන ලද ස්කෑන් පරීක්‍ෂණයකින් සිරුරු ස්ථර දෙකකින් වළ දමා ඇති බව පෙන්නුම් කළ බැවින් අවම වශයෙන් තවත් මීටර් දෙකක්වත් තව දුරටත් කැණීමට සිදුවනු ඇතැයි අධිකරණයට ලබා දුන් අතුරු වාර්තාවේ දැක්වේ.

ගොඩගත් සිරුරු කොටස් පිළිබඳ වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ සිදුකෙරෙන දිනයක් මුදල් හිඟය හේතුවෙන් තීරණය කර නොමැති බව දොස්තර වාසුදේව පවසයි.

සබැඳි ලිපි :
කොක්කුතුඩුවායි සමූහ මිනීවලෙන් තවත් සිරුරු පහක් ගොඩගනී
කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය
කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් නැවත වතාවක් පටන් ගනී
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් කටයුතු තවත් කල් යයි
මුලතිව් සමූහ මිනීවලට CCTV කැමරා සවිකරයි
ජනාධිපති කාර්යාලයේ මුදල් නොලැබී මුලතිව් සමූහ මිනීවලේ කැනීම් ඇනහිටී
වැඩ නවතා ඇති මුලතිව් සමූහ සුසානයට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි
LTTE සෙබල, සෙබලියන්ගේ යයි සැකකෙරෙන සිරුරු පහක් ගොඩගනී
මුලතිව් සමූහ මිනීවලෙන් ගොඩගන්නා සිරුරු ගණන තවත් ඉහලට
කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් දවස් හයට ඇටසැකිලි හයක්
කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් තවත් ඇටසැකිලි, පතුරම් මතුවේ
දෙමසක් ඇනහිට තිබු කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වැඩ ඇරඹේ !
වන්නියේ සමූහ සුසානය ගැන මැදිහත් වෙන නීතිඥයන්ට බියවැද්දීම්
කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය
කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද
යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්
අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්
අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි
ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග
වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්
තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක්

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...