leader s

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට

ඇති ධාරිතාවය අවම වීම නිසාවෙන් නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමට රජය සැලසුම් කර තිබේ.

නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ භුමියක් යොදා ගත හැකි බවයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ.

පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින දූපත ඉන් ඒහා ගිය මාතෘභූමියට ඵලදායී වැඩක් ලබාගත හැකි ස්ථානයක් කළ හැකි බව එම දුපතේ පෙබරවාරි 23 වැනිදා නිරික්ෂණ චාරිකාවට එක්වු ඇමැතිවරයා කියා සිටියේය.

දැනට ඒම ගොඩබිමෙහි රඳවාසිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කල අමාත්‍යවරයා පවසා සිටියේ, අදාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව අවස්ථාවක් කරගන්නා බවයි.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.


(චතුරංග මේදිස්)

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil