leader s

"ශක්තිමත් ආර්ථිකයක් - ජයග්‍රාහී ගමනක්" තේමාව කරගනිමින් කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24)

පස්වරුවේ පැවති නව සන්ධානයේ දෙවන ජන රැළියට  විශාල ජනකායක් සහභාගී වී සිටියේය.

නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය වූ කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්ව සිටියහ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම ජන රැලියට සහභාගී වී සිටියහ.

new frant


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්