The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාව බලවතුන්ගේ යටත්විජිතයක් වී ඇති ආකාරය කොළඹ වරායෙන් පේනවා - පෙ.ස.ප.

T

The Leader Desk

February 25, 2024 • 5:28 PM

ලංකාව බලවතුන්ගේ යටත්විජිතයක් වී ඇති ආකාරය කොළඹ වරායෙන් පේනවා - පෙ.ස.ප.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදෙස් සමාගම් පවා භාවිතා කරන ආකාරයෙන් ඔවුන් ලංකාව සලකන්නේ සිය යටත් විජිතයක් ලෙස බව පැහැදිලි වන්නේයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
  • කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා මෙරට දේපළ භාවිතා කරන ආකාරයෙන් ඔවුන් මෙරට යටත් විජිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔවුන් විවිධ ව්‍යාපෘතිවලදී ගිවිසුම් කඩකරමින් කටයුතු කරන බවත් පුබුදු ජයගොඩ කීය.
  • කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු චීන සමාගමක් ලබාගත් බවත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තු සඳහා එම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවා ඇති බවත් ඔහු පැවසිය.
  • එම මුදලට ඉදිකිරීම් ද්‍රව්‍ය වල වියදමත් ඇතුලත්.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් සමාගම් පවා භාවිතා කරන ආකාරයෙන් ඔවුන් ලංකාව සලකන්නේ සිය යටත් විජිතයක් ලෙස බව පැහැදිලි වන්නේයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු සඳහා වැලි ගෙනෙන වීඩියෝ සහ ඡායාරූපමය සාක්ෂි ඉදිරිපත් කරමින් පෙබරවාරි 25 පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා මෙරට දේපළ භාවිතා කරන ආකාරයෙන් ඔවුන් මෙරට යටත් විජිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔවුන් විවිධ ව්‍යාපෘතිවලදී ගිවිසුම් කඩකරමින් කටයුතු කරන බවත් පුබුදු ජයගොඩ කීය.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු චීන සමාගමක් ලබාගත් බවත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තු සඳහා එම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවා ඇති බවත් ඔහු පැවසිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා එම මාධ්‍ය හමුවේදී මෙසේද සඳහන් කළේය.

''හැම දෙයකටම බදු ගහන ආණ්ඩුව මේ බදු වංචා ගැන නිහඬයි''

'' කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු ලබාගෙන සිටියේ CHEC හෙවත් China Harbor Engineering Company සමාගම. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ගත්තේත් එම සමාගමමයි. මෙම කොන්ත්‍රාත්තු සඳහා මෙම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවනවා. එම මුදලට ඉදිකිරීම් ද්‍රව්‍ය වල වියදමත් ඇතුලත්. ඒ වගේම වැලි ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබඳවත් කොන්ත්‍රාත් ගිවිසුම් වල සඳහන් වෙනවා.


අප දන්නා ආකාරයට මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන්නේ මුතුරාජවෙල ප්‍රදේශය. නමුත් මෙම සමාගම එම වැලි වෙනුවට සිය වැලි ලබා ගැනීම වරාය නගරයෙන් සිදු කරනවා. ඒ නීතියට පටහැනිව. දැනට මසකට වැලි කියුබ් 4000ක් පමණ, එනම් රුපියල් මිලියන 90ක් පමණ වටිනා වැලි වරාය නගරයේ සිට කොළඹ වරායට ගෙනෙනවා. ඒ හරහා ප්‍රවාහන වියදම් ආදිය ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරනවා විය හැකියි. නමුත් මේ හරහා ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා.


පළමුවැනි ප්‍රශ්නය වරාය නගරයේ තිබෙන වැලි පිටතට ගෙනියන්න පුලුවන්ද? ඒ ගැන වරාය නගරය සමාගම දැනුවත්ද? අනෙක බලපත්‍ර නැති නීති විරෝධී වැලි ලොරි වලට වරායට ඇතුළු වීමට වරාය ආරක්ෂක අංශ ඉඩ දෙන්නේ කොහොමද? ඒ වගේම මේ ගේන්නේ මුහුදු වැලි. කොන්ක්‍රීට් ඇතුළු ඉදිකිරීම් සඳහා මුහුදු වැලි  භාවිතා කරන්නේනම් ඒවා පිරිපහදු කර, නැවත සකස් කර යොදාගත යුතුයි. මේ වැලි එලෙස සකස් කළ ඒවාද? මෙම ඉදිකිරීම් සඳහා උපදේශන සේවා සපයන CECB රාජ්‍ය සමාගම ප්‍රමිතියට වග කියනවාද?

නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නානම් හරි, ලංකාවෙන් කරන්න ගිහින් ප්‍රමිතිය නැතිවුනා කියලා පසුව කියන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි වරාය නගරය සඳහා මුහුදු වැලි හාරන්න ඉඩ දුන්නේ නිශ්චිත ප්‍රමාණයකට. එහෙමනම් මෙතරම් අතිරික්ත වැලි තොගයක් තියෙන්නේ කොහොමද? වැඩිපුර මුහුද හෑරුවාද?

දැනටමත් වරාය නගරය ඉදි කිරීම නිසා මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම, වෙනත් ප්‍රදේශ වල සමුද්‍ර ඛාදනය, දියවැල් වල ගමන්මග වෙනස්වීම නිසා මත්ස්‍ය ඵලදාව අඩුවීම වැනි ප්‍රතිවිපාක අත්වී තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණය සහ අනුමත ප්‍රමාණය ඉක්මවා පරිසරයට විනාශයක් සිදු කර තිබේදැයි සෙවිය යුතුයි.


ඊළඟ ප්‍රශ්නය තමයි මසකට රුපියල් මිලියන 90ක වැලි ගෙනෙද්දී එම වටිනාකමට අදාළ වැට් බදු ආදිය ගෙවනවාද? රජයට විශාල බදු ආදායමකුත් අහිමි වෙනවා. පොඩි දරුවන සඳහා අවශ්‍ය ළදරු ආහාර වල සිට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සිට පාසල් උපකරණ දක්වා හැම දෙයකටම බදු ගහන ආණ්ඩුව මේ බදු වංචා ගැන නිහඬයි.


මේ සමාගම් ලංකාවේ නීතිය තඹයකට නොසලකා මේ විදියට හැසිරෙන්නේ කොහොමද? ඒ අය හිතාගෙන ඉන්නේ ලංකාව යටත් විජිතයක් කියලාද? දැන් ලෝක බලවතුන්, කලාපීය බලවතුන් සහ අධිරාජ්‍යවාදීන් සිය න්‍යායපත්‍ර වලට ලංකාව අවනත කර ගනිමින් ඉන්නවා. මේ සමාගම් වල ආකල්පය හැදෙන විදියට මේ දේශපාලනය සම්බන්ධයි. ජනතාව මේ දේශපාලනය වෙනස් කිරීමට පියවර ගත යුතුයි. නැතිනම් මේ වගේ විගඩම් හැමදාමත් කරලිගත වේවි.   

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...