The Leader News
BREAKING
සිනමාවේ අර්බුද ගැන ඡත්‍ර වීරමන් කරන විග්‍රහය●ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●ඉබ්‍රාහිම් අලි ඛාන් - පලක් තිවාරි වෙන්වූ බවට බොලිවුඩයෙන් ආරංචි●කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්●සුනිල් වටගල සහ කුමාර ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්●ෂර්ලි සමරසිංහ ගේ ''සිලිලාරේ'' ළඟදී ම තිරයට●කැසිනෝ සහ ඔන්ලයින් සූදු නියාමනය දෙසැම්බරයට●'සංවර්ධන' සැළසුමක් ගැන නොදන්නා විපක්ෂ හවුල් කුමටද?●කමිඳුගේ සටන්කාමී ශතකය හමුවේ පාකිස්තානය අවසන් පන්දුවාරයේදී ශූරතාව ඩැහැගනී● අලුත් පරම්පරාව නැතිව දේශපාලන පැවැත්මක් නෑ: රනිල්●
Top Ad
පුවත්

උඩුවේ ධම්මාලෝක හිමි යළි කරලියට ! - 'යුක්තිය' උදෙසා දිවි පරදුවට තැබීමට සැරසෙති

T

The Leader Desk

February 26, 2024 • 4:43 AM

උඩුවේ ධම්මාලෝක හිමි යළි කරලියට ! - 'යුක්තිය' උදෙසා දිවි පරදුවට තැබීමට සැරසෙති 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කනගාටුවට පත්වන බව ද උන්වහන්සේ කීහ.
  • පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ බව සඳහන් කළහ.
  • යුක්තිය මෙහෙයුම නතර කිරීමට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉවත් කිරීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේ නම් මහා සංඝරත්නය එයට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
  • යුක්තියට එරෙහිවන සාතිශය බහුතරය අයුක්තිය පැත්තේ හිටගෙන සිටින බව අමතක නොකළ යුතුයි.” යයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ කීහ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කනගාටුවට පත්වන බව ද උන්වහන්සේ කීහ.


කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ඉකුත් දා (පෙබ. 24) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ බව සඳහන් කළහ.

යුක්තිය මෙහෙයුම නතර කිරීමට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉවත් කිරීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේ නම් මහා සංඝරත්නය එයට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

'යුක්තිය' මෙහෙයුම නතර කිරීම සඳහා එල්ලවන බව කියන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ මතය පැවසීම සඳහා මේ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර අමරපුර මහා නිකායේ වැඩබලන මහ නායක නිකපොත චන්ද්‍රජෝති හිමි ප්‍රධාන ගම්පහ, ත්‍රිකුණාමල, අම්පාර, මොනරාගල, කළුතර, ගාල්ල ආදී ප්‍රදේශවලින් වැඩම කරවූ ස්වාමීන් වහන්සේ එක්ව සිටියහ.

'' යම්කිසි කෙනෙක් යුක්තිය මෙහෙයුමට විරුද්ධ වෙනවා නම් ඒ අය රට පැත්තේ හිටගන්න අය නෙවේ. එය මත්ද්‍රව්‍ය උවදුර විතරක් නොවේ සමාජයේ වෙනත් විනය විරෝධී වැඩ සියල්ලට එරෙහි වන වැඩපිළිවෙළක්. එයට එරෙහි වීම යනු ප්‍රකෘතියේ සිට විකෘතිය වෙත යෑමක්. යුක්තියට එරෙහිවන සාතිශය බහුතරය අයුක්තිය පැත්තේ හිටගෙන සිටින බව අමතක නොකළ යුතුයි.” යයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ කීහ.

මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෑගල්ලේ රතනසාර, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර, කොළඹ ලුම්බිණි විද්‍යාලයේ සහකාර විදුහල්පති දිවිතුරේ සමන්ත නාහිමිවන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.   


මාස 03ක සේවා කාලය බදාදා රෑ 12 ට ඉවරයි!

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම තීරණය කර ඇති ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය අද (26) කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපතිවරයා සිය මතය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ව්‍යවස්ථා දායක සභාව වෙත යොමු කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතය.


ව්‍යවස්ථා සභාවට නීතිපති කැඳවයි

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට නීතිපතිවරයා කැඳවීමට ව්‍යවස්ථා සභාව පසුගිය සඳුදා තීන්දු කළේය. මෙලෙස නීතිපතිවරයා ව්‍යවස්ථා සභාවට කැඳවන්නේ අතිවිශේෂ නීති උපදෙසක් ලබාගැනීම පිණිසය.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ විට එවන් අවස්ථාවක අගතියට පත් පාර්ශ්වය නඩු පැවරුවහොත් නීතිපතිවරයාට ව්‍යවස්ථා සභාව වෙනුවෙන් පෙනී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගැනීම නීතිපති කැඳවීමේ අරමුණ බව වාර්තා වෙයි.

මෙහි පවත්නා නීතිමය අර්බුදය වන්නේ එවන් නඩු කටයුත්තකදී අදාළ නම නිර්දේශ කළ ජනාධිපතිවරයා වෙනුවෙන් මෙන්ම නම ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථාව සභාව වෙනුවෙන්ද නීතිපතිට පෙනී සිටිය හැකිද යන්නයි.

මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ව්‍යවස්ථා සභාව වෙනුවෙන් නීතිපතිට පෙනී නොසිටින අවස්ථාවල ඒ සඳහා පෞද්ගලික නීතිඥ සහාය ලබාගැනීමට අදාළව මෙම උපදෙස පතන බව ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග කියයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...