The Leader News
BREAKING
ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●ප්ලාස්ටික් ටී බෑග්වලින් තේ කෝප්පයට විෂ රසායන එක්වන බව හෙළිවේ●අභ්‍යවකාශ හමුදා දූත ගමනින් ආණ්ඩුවට එල්ලවන ආරක්ෂක පීඩනය●බැටරි ප්‍රතිචක්‍රීකරණයේ සැඟවුණු විෂ: දරුවන්ගේ ජීවිත අවදානමක●
Top Ad
පුවත්

මාලිමාවට ඇති ප්‍රධාන අභියෝග දෙකක් ගැන අනුර කියයි

T

The Leader Desk

February 27, 2024 • 11:17 AM

මාලිමාවට ඇති ප්‍රධාන අභියෝග දෙකක් ගැන අනුර කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවේදී අනුර කුමාර දිසානායක එසේ පැවසීය.
  • ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා.
  • යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවේදී අනුර කුමාර දිසානායක එසේ පැවසීය.


එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිවයි. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.

අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. 

ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා” යැයි ඔහු කීය. 

(lankadeepa.lk - යොහාන් භාසුර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...