leader s

ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් හය වසරකට
ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් උතුරේ දී අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුනේ යාපනයේ පිහිටි කාර්යාලයේ දී  එම පෙරමුණේ කාන්තා අංශයේ සංවිධානත්වයෙන් අප්‍රේල් 19 වැනිදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.

“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය.

ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.

එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය  උපවාසය නිමා වුයේ  ජීවිතයට සමු දෙමිනි. ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.

මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.
 

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්