BREAKING
Top Ad
පුවත්

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

T

The Leader

May 25, 2019 • 10:03 AM

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට පළ කළ පුවත
  • එම පුවත් වාර්තාවට අනුව මෙතෙක් මෙහි ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ 'දිවයින' පුවත්පතේ "ප්‍රවීණ මාධ්‍යවේදී" හේමන්ත රන්දුණු පසෙකට කරමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා දැන් කරළියට පැමිණ සිටී.
  • කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර නමැත්තෙකි.
  • දැනට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සමීපතම ගෝලයකු ලෙස ක්‍රියාකරන්නෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ඊට අදාළව ඉන් ඉදිරියට සිදුවූ සිදුවීම් මාලාව රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ දේශපාලන බල ව්‍යාපෘතියේ කොටසක් ලෙස රඟ දැක්වෙන තවත් එක් නාටකයක් බව 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව මෙතෙක් මෙහි ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ 'දිවයින' පුවත්පතේ "ප්‍රවීණ මාධ්‍යවේදී" හේමන්ත රන්දුණු පසෙකට කරමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා දැන් කරළියට පැමිණ සිටී. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර නමැත්තෙකි.

මොහු කලකට ඉහත ජනතා විමුක්ති පෙරමුණ සමඟ දේශපාලන කටයුතුවල නියැළී සිට පසුව විමල් වීරවංශ මහතා සමඟ එක්වූ අයෙකි. දැනට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සමීපතම ගෝලයකු ලෙස ක්‍රියාකරන්නෙකි.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාව ද ක්‍රියාත්මක වන්නේ තනිකරම පොහොට්ටුවේ ශාඛාවක් පරිද්දෙන් බව කියැවේ.

මෙම වීර බණ්ඩාර වෛද්‍ය නිලධාරියා මීට පෙර අනුරාධපුර රෝහලේ සේවය කර ඇති අතර එහිදී ද රෝහල් සේවය වෙනුවට දේශපාලන ක්‍රියාකාරකම්වලට මුල්තැනදීම නිසා වෘත්තීය සමිතිවලින් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් කුරුණෑගල රෝහලට මාරුවීමක් ලද්දෙකි.

දිවයින අද (25) පුවතෙන් සඳහන් කර ඇත්තේ ශාබ්දීන් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ඉදිරියේ පිළිගත් බවක් රෝහල් අධ්‍යක්ෂ කී බවකි. රෝහල් අධ්‍යක්ෂකවරයකු යනු සෞඛ්‍ය සේවයෙහි පරිපාලන නිලධාරියකු විනා පොලිස් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු නොවේ. සාක්ෂි විමසීමට හෝ තමන් සාක්ෂියක් ලබාගත් බවක් මාධ්‍ය වෙත පැවසීමට හෝ ඔහුට බලයක් නැත. මෙය නාටකයකි.

 

චන්න ජයසුමනගේ මාළු බෑම:

වඳ සැත්කම් කතාවක් දිවයිනෙන් ගෙන යද්දී, සිසේරියන් සැත්කම් 8000ක් කළ වෛද්‍යවරයකු කුරුණෑගල සිටින බවට සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය කළේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. ඔහු ද රාජපක්ෂ බල දේශපාලන ව්‍යාපෘතියේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු බව රටම දන්නා කරුණකි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම සහ පසුගිය 13 වනදා වනවිට මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගත් ජාතිවාදී ප්‍රහාරයන් ද කුරුණෑගලින්ම ආරම්භ වීම යන කරුණු සියල්ල එක්ව බලන කල චිත්‍රය මඳක් පැහැදිලි වනු ඇත.

උග්‍ර මුස්ලිම් විරෝධයක් රට තුළ අවුළුවා ඒ ඔස්සේ බලය අත්පත් කරගැනීම මේ මොහොතේ රාජපක්ෂ පාර්ශ්වයේ උපාය මාර්ගය වී ඇති බව රටම දන්නා, හොඳින් පෙනෙන කරුණකි.

පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ කරන කතා මෙන්ම ඔවුන්ට හිතවත් මාධ්‍ය ආයතන විසින් ඉතා සංවිධානාත්මක ලෙස මුස්ලිමුන් කෙරෙහි භීතියක් ජනිත කිරීමේ මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිති.

මිනුවන්ගොඩ මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට සොයන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ගෝලයා වන මධුමාදව දැනටත් සිටින්නේ පොලිසියෙන් කට්ටි පනිමිනි. සයින්දමර්දු බෝම්බ පිපිරීමෙන් හමුදා නිලධාරීන් 11 දෙනෙකු මියගිය බව ප්‍රචාරය කළ පොහොට්ටු මන්ත්‍රී ද ඉහල දේශපාලන රැකවරණ පිහිටෙන් එළියට වී සිටී. මේ සියල්ල සංයුක්තය.

 

කුරුණෑගල පොලිසියත් බළල් අතක් !

කුරුණෑගල පොලිසිය ද දැන හෝ නොදැන මෙම කුමන්ත්‍රණයෙහි කොටස්කරුවකු බවට පත්ව සිටී. මන්දයත් අයථා වත්කම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලය පැවරී ඇත්තේ පොලිසියට නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බැවිනි.

වත්කම් සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණය බලය ඇත්තේ ද අල්ලස් කොමිසමටය. නමුත් කුරුණෑගල පොලිසිය කියන්නේ අයථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම අදාළ වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් බවකි.

අත් අඩංගුවට පත්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා ද කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකි. නිවැරදිව කිවහොත් වෛද්‍ය ව්‍යාපාරිකයෙකි.

ඔහුට සුදුහුණු ගෑමට අපට වුවමනාවක් නැත. ඔහු අයථා වත්කම් ඉපයීමෙන් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වරදක් කර ඇත්නම් විමර්ශන සිදුකර, අධිකරණය හමුවට පමුණුවා දඬුවම් කළ යුතුය.

 

ලේ සුවඳට ඉව අල්ලන දේශපාලනය !

එහෙත් දෙමළුන්ගේ සහ මුස්ල්මානුවන්ගේ ලෙයම ඉල්ලන ජාතිවාදී උම්මතකයින්ට, ජාතිවාදයෙන් උමතුවූ මහාචාර්යවරුන්ට හෝ අධ්‍යක්ෂකවරුන්ට මේවා හරහා දේශපාලන ඉල්ලම් මතුකර ගැනීමට ඉඩ ලබාදීමට ද කිසිසේත්ම නොහැකි බව ද අවධාරණය කරන්නෙමු.

එසේම වෛද්‍ය ව්‍යාපාරිකයින් එකිනෙකා අතර වෙළඳපල වෙනුවෙන් පවතින තරගය ද වාර්ගික අන්තයක් කරා යොමුකර රට ගිනි ඇවිළවීමට ඉඩ දිය නොහැක.

මවුවරුන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි පළ කළ පුවත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස හේමන්ත රන්දුණු දිවයින මාධ්‍යවේදියාට දැනුම් දී තිබිණි.

 

පොහොට්ටු ක්‍රියාකාරීන්ගේ FB ක්‍රියාකාරීන් බරටම වැඩ :

 මේ අතර රාජපක්ෂවරුන්ගේ සමාජ මාධ්‍ය ජාලයේ ඇතැමුන් සිය FB පිටු හරහා 'දිවයින' පුවතට අදාලව බරපතල මුස්ලිම් විරෝධයක් මතුකරමින් සිටිති.

එවැනි එක් FB සටහනක මෙසේ පලවී ඇත.

''දරුවන් නෑ කිය කිය දේවාල ගානේ යන්නේ නැතිව ඉක්මනට පොලිසියට යන්න ''

Racist men

 (lankanewsweb.net)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...