BREAKING
Top Ad
පුවත්

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

T

The Leader

May 26, 2019 • 9:50 PM

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයථා වත්කම් ඉපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා පිළිබඳව
  • නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම්‍ යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙනබව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුනි.
  • ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේද එතරම් ප්‍රසාදයක් නැතිබව කිවයුතුය.
  • මා කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසව වේද අංශයේ ජේය්ෂඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම රෝහලේ ම සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගාමිණී විමලරත්න මහතා මෙසේ අදහස් දක්වා ඇත.

''මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෑ කිවයුතුව තිබුනත් පවතින වාතාවරණය තුල නිහඬව සිටින්නට උත්සාහ කළෙමි. නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම්‍ යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙනබව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුනි.

ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේද එතරම් ප්‍රසාදයක් නැතිබව කිවයුතුය. මා ඔහු දන්නා නමුත් අප අතර ඇසුරක් නොමැත.

මා කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසව වේද අංශයේ ජේය්ෂඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගනන් බලා නොතිබුණත් මා සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත්තෙක්මි.

සිසේරියන් සැත්කමකදී ශල්‍ය කර්මය සිදුකරන වෛද්‍ය වරයාගේ සහායට තවත් වෛද්‍ය වරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගීවේ. ශල්‍යකර්ම යේ සියළුම පියවරයන් පිළිබඳව ඔවුන් මනාලෙස දැනුම්වත්‍ ය.

ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැක. මන්ද යත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි.

පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියයන් නොවේ. ඒවා උපකරණයක් ඇසුරෙන් Clamp කලහොත් මනාව අවට සිටින්නන්ට දර්ශණය වේ.

නමුත් අනිත් අයගේ ඇස් වසා එකදෙයක් කළ හැකි බව කිවයුතුයි. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැලීමකට ලක්කල හැකියි. මෙයින් නාල වලට කිසියම්වූ හානියක් ඇතිකල හැකියි. එහෙත් ප්‍රායෝගික ව එම නාල නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩියි.

කරුණු මෙසේ හෙයින් මේ 4000 වද කිරීමේ කතාව යථාර්ථයක් නොවෙන බව මගේ හැගීමයි. කළකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පලවූ කතාව සිහිපත් කරමි.

 

නාල වලට හානිකිරීමට ඇති හැකියාව ගැන:

මෙහි පලවූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන් හට කරණ පරීක්ෂණ හෝ ශල්‍යකර්ම වලදී නාල වලට හානිකිරීමට ඇති හැකියාව ගැනයි. පරීක්ෂණ (HSG වැනි) වලදී නාල අතනොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකියි.

නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ.

අවසාන වශයෙන් මෙසේ කිවයුතුය. මෙකියන වෛද්‍යවරයා ඔවැනිදෙයක් කළානම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැක.

මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිළධාරින් කුරුණෑගල රෝහලේ නොමැත.

එසේ හෙයින් සමාජ මාධ්‍යක මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී පරෙස්සමින් හා වගකීමෙන් ක්‍රියා කළයුතු බව කාරුණිකව ප්‍රකාශ කරමි.

(සමාජ මාධ්‍ය වාර්තාවකින් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...