ජාත්‍යන්තර රන් මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි සෘජු බලපෑම මෙරට රන් මිල කෙරෙහි ද එල්ල වී ඇත.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ අනුව ඊයේ (06) උදෑසන 8.00 වන විට පැවති මිලට සාපේක්ෂව, මෙරට රන් මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (06) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම පෙරේදා (05) දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ඊයේ (06) වන විට රුපියල් 395,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන මෙම වෙනස්වීම් හමුවේ ඉදිරි දිනවලදී ද රන් මිලෙහි තවදුරටත් උච්චාවචනයන් සිදුවිය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
(සටහන | ජේ.මුණසිංහ)




