කෙසේ වෙතත්, මෙම නිලවරණයට ඉදිරිපත් වන ඇතැම් පාර්ශ්වයන් සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා හේතුවෙන් මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙවර සභාපති ධුරය සඳහා ප්‍රබල අපේක්ෂකයින් පස් දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
* චාල්ස් හෙන්රි (ශ්‍රී ලංකා ස්කී සහ ස්නෝබෝඩ් සංගමයේ සභාපති)
* අසංග සෙනෙවිරත්න (ශ්‍රී ලංකා බේස්බෝල්/සොෆ්ට්බෝල් සංගමයේ සභාපති)
* ජස්වර් උමර් (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති)
* ශිරාන්ත පෙරේරා (ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති)
* රොහාන් පෘතිවිරාජ් පෙරේරා (කැනොයින් සහ කායකිං සංගමයේ සාමාජික)
මීට අමතරව, මහලේකම් ධුරය සඳහා මොහොමඩ් රිෆ්ඩි සහ නිශාන්ත පියසේන නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
උප සභාපති ධුර සඳහා අපේක්ෂකයින් රැසක් ඉදිරිපත් වී සිටින අතර, ඒ අතරට ඉක්බාල් බින් ඉසාක් (ටෙනිස්), නිලූ ප්‍රනාන්දු (ගොල්ෆ්), බිමල් විජේසිංහ (මලල ක්‍රීඩා), සජීව මැදවත්ත (වොලිබෝල්), සහ රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්) වැනි ප්‍රවීණයන් ඇතුළත් වේ. සහකාර ලේකම් ධුරය සඳහා සරත් හේවාවිතාරණ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
කළු සල්ලි සහ දූෂණ චෝදනා
වාර්තා වන අන්දමට, මෙවර නිලවරණයට ඉදිරිපත් වන එක්තරා පාර්ශ්වයක පුද්ගලයෙකු හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ කළු සල්ලි සුදු කරන අයෙකු ලෙසත්, කොළඹ කොටස් වෙළඳපොල මගඩි ගනුදෙනු වලට හවුල් වූවෙකු ලෙසත් චෝදනා ලබා ඇත. (accused of pumping and dumping stocks and insider trading of share market). විවිධ මූල්‍ය ආයතන හරහා වංචා දූෂණ වලට සම්බන්ධ වී ඇති බව පැවසෙන මෙම පුද්ගලයා, දේශපාලන රැකවරණය මැද මෙවර නිලවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය පතන පාර්ශ්ව රැසකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. ක්‍රීඩාවේ නම විකුණා මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් පසුවන මෙවැනි දූෂිතයන්ට එරෙහිව දැඩිව කටයුතු කරන බව එම විරෝධතාකරුවෝ අවධාරණය කරති.
නිලවරණයේ පසුබිම සහ ජාත්‍යන්තර මැදිහත්වීම
මෙවර නිලවරණය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තුළ සිදු වූ විශාල පරිවර්තනයකින් අනතුරුවය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA) මැදිහත්වීම මත ස්වාධීන විගණන වාර්තා කැඳවා ඇති අතර, හිටපු ලේකම්වරයාට වසර පහක තහනමක් ද පනවා ඇත.
මැතිවරණ ක්‍රියාවලිය
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ මැතිවරණ කොමිසමක් මගින් නිලවරණය මෙහෙයවනු ලැබේ. පිළිගත් ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 28 කට මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වන අතර, නාම යෝජනා සම්බන්ධයෙන් වූ විරෝධතා පිළිබඳ තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හෙට (25 ) වැනිදා අවසන් ඡන්ද විමසීම සිදු කෙරේ.
මෙම නිලවරණය මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ යහපාලනය තහවුරු කෙරෙන තීරණාත්මක කඩඉමක් වනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු මහත් බලාපොරොත්තුවෙන් පසුවෙති.




