The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහ බැංකුව සැකකටයුතු ගිණුමක් බවට අවවාදකර තිබියදීත් ඩොලර් ලක්ෂ 25 ගෙවීමට අවසරය දුන්නේ කවුද ?

T

The Leader Desk

April 25, 2026 • 3:15 PM

 මහ බැංකුව සැකකටයුතු ගිණුමක් බවට අවවාදකර තිබියදීත් ඩොලර් ලක්ෂ 25 ගෙවීමට අවසරය දුන්නේ කවුද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල ගෙවීමේදී අදාළ ගිණුම සැකකටයුතු එකක් බවට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
  • මේ සම්බන්ධයෙන් ලැබෙන නවතම තොරතුරු අනුව මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවේ ණයකරුට ගෙවීම් පහක් කිරීමට නියමිතව තිබී ඇත.
  • එම ගෙවීම් පහෙන් හතරකට අදාළ ගෙවීම ලෙසින් ඩොලර් ලක්ෂ 25 ගිණුම් පොත් වල සටහන්ව ඇත.
  • අතුරුදන්ව ඇත්තේ එම මුදලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදල ගෙවීමේදී අදාළ ගිණුම සැකකටයුතු එකක් බවට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් ලැබෙන නවතම තොරතුරු අනුව මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවේ ණයකරුට ගෙවීම් පහක් කිරීමට නියමිතව තිබී ඇත. එම ගෙවීම් පහෙන් හතරකට අදාළ ගෙවීම ලෙසින් ඩොලර් ලක්ෂ 25 ගිණුම් පොත් වල සටහන්ව ඇත. අතුරුදන්ව ඇත්තේ එම මුදලයි. ඉතිරි ගෙවීමට අදාළ මුදල් විධිමත් ලෙස නියමිත ගිණුමට ගෙවා ඇති බව දැනගන්නට තිබේ.

මහ බැංකුව සැක කටයුතු ගිණුමක් බවට අවවාද කර තිබියදීත් මේ මුදල් වැරදි ගිණුමකට ගෙවීමට අණ දුන්නේ කවුද යන්නබවිමර්ශනය කළ යුතු ප්‍රධානම කරුණ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඒ අතර මුදල් අමාත්‍යංශයේ සාකච්ඡා කෙරෙන තවත් තොරතුරකට අනුව අතුරුදන් වූ මෙම ඩොලර් ලක්ෂ 25ක මුදල ඕස්ට්‍රේලියාවේ ‍ප්‍රබල කැසිනෝ ව්‍යාපාරික ආයතනයක ගිණුමට බැර වී ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට තබා තිබුණු ලංසුව

gerterff| ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වනදා විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ දත්ත, සයිබර් අපරාධකරුවන් විසින් සොරා ගන්නා දත්ත විකිණීම සිදුකරනු ලබන ඩාර්ක් වෙබ් සංසදයක ඇති බවට Dark Web Intelligence නම් වූ වෙබ් අඩවිය 2025 සැප්තැම්බර් 15 කරුණු වාර්තා කර තිබිණි.

ඒ, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට දින කිහිපයකට ඉහත දීය.

Dark Web Intelligence වෙබ් අඩවියට අනුව මුදල් අමාත්‍යාංශයේ සංවේදී දත්ත සහ ඉහළ මට්ටමේ පද්ධති ප්‍රවේශය සඳහා අවශ්‍ය කරන දත්ත හැකර්වරුන් විසින් අත්පත් කරගෙන තිබෙන බවට එහි සඳහන් වේ.

හැකර්කරුවන් විසින් ඇමෙරිකානු ඩොලර් 4,000 ක් වටිනා බිට්කොයින් මිලකට එම තොරතුරු අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවට Dark Web Intelligence නම් වූ වෙබ් අඩවියේ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබිණි.

විකිණීමට ඇති බවට ලැයිස්තුගත කර තිබූ බව පැවසෙන දත්තවලට අනුව මුදල් අමාත්‍යාංශ සේවකයින්ගේ සම්පූර්ණ නම්, රජයේ හැඳුනුම්පත් අංක සහ ඔවුන්ගේ නිවසේ සහ රැකියා ස්ථානයේ ලිපින මෙන්ම පුද්ගලික දුරකථන අංක සහ කාර්යාල විද්‍යුත් තැපෑල, ජංගම සහ ස්ථාවර දුරකථන අංක මෙන්ම සරල මුරපද (Plain Text Passwords) සහ සේවකයින්ගේ වැටුප් ශ්‍රේණි යන තොරතුරු ඇතුළත් බව Dark Web Intelligence නම් වූ වෙබ් අඩවිය වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණි.

(මුලාශ්‍රය | lankalokaya)

වැඩිදුරටත් විස්තර :

2025 වසරේදී මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට ඇ.ඩො 4,000ක බිට්කොයින් මිලකට තබා තිබුණු ලංසුව

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...