BREAKING
Top Ad
පුවත්

නිහඬ කළ ලසන්තගේ හඬ යළි අවදි වෙයි: සැප්තැම්බර් 25 තරංගනී ශාලාවේදී

T

The Leader Desk

September 17, 2026 • 3:35 PM

නිහඬ කළ ලසන්තගේ හඬ යළි අවදි වෙයි: සැප්තැම්බර් 25 තරංගනී ශාලාවේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'නොසැලුණු නොනැමුණු ලසන්ත' කෘතිය එළිදැක්වීම සහ “And Then They Came for Me” වාර්තා චිත්‍රපට දැක්ම සැප්තැම්බර් 25 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී.
  • සමහර මිනිසුන් මිය ගිය පසු වගකීමක් වෙති.
  • “මොකක්ද තත්ත්වෙ?” නොසැලුණු නොනැමුණු ලසන්ත කෘතිය, 'සයුර' ප්‍රකාශනයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ලසන්ත වික්‍රමතුංගගේ නොමැකෙන මතකය සහ අසීරු සත්‍යය හෘදසාක්ෂිය හමුවේ යළි ප්‍රශ්න කරන විශේෂ සැඳෑවක්.

ඝාතනයෙන් වසර ගණනාවක් ගත වුවද මෙරට මාධ්‍ය නිදහසේ සහ සාධාරණත්වයේ නොමැකෙන සංකේතයක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මතකය යළි අවදි කරමින්, රේන් වික්‍රමතුංග ලියූ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘නොසැලුණු නොනැමුණු ලසන්ත’ සහ “And Then They Came for Me” වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් 25 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.

ලසන්ත…

නොපියවුණු දෑසක්.
ළගන්නා සිනාවක්.
අදටත් අප අතර දෝංකාර දෙන
එකම ප්‍රශ්නයක්!

“මොකක්ද තත්ත්වෙ?”

නිකම්ම භේද වීමෙන් ඵලක් නැත.
වැදගත් වන්නේ,
තමා විශ්වාස කළ අදහසක් වෙනුවෙන්
භේද වීමට තරම් අවංක වීමය.

තමන් වෙත එන අඳුර දැන සිටියද,
තමන්ගේ ඉරණමට වඩා
අනෙකාගේ අසාධාරණය ගැන තැවුණු මිනිසෙකි ඔහු.

ඔහුගේ හඬ නිහඬ කළහ.
ඔහුගේ දෑස පියවූහ.

එහෙත් සත්‍යය නිහඬ නොවීය.
ඔහු ඇසූ ප්‍රශ්නයට අදටද පිළිතුරු ලැබී නැත.

සමහර මිනිසුන් මිය ගිය පසු
මතකයක් වෙති.
සමහර මිනිසුන් මිය ගිය පසු
වගකීමක් වෙති.

ලසන්ත, ඔබ අපට ඉතිරි කළේ එවැනි වගකීමකි.

එබැවින්,
ඔබ ඇසූ ප්‍රශ්නය සමඟ මොහොතක් නතර වී,
අපගේ හෘදසාක්ෂිය සමඟ
එදා අපි එකට සිටිමු.

Invitation Lasantha S
රේන් වික්‍රමතුංග විසින් රචිත Unbowed & Unafraid කෘතියේ සිංහල පරිවර්තනය කසුන් පුස්සෙවෙල විසිනි.

නොසැලුණු නොනැමුණු
ලසන්ත
කෘතිය එළිදැක්වීම හා සමගාමීව

“And Then They Came for Me”
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

සැප්තැම්බර් 25 වැනිදා
සවස 3.00ට
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී

ලසන්ත සමඟ දවසරින්ට එන්න.

ඔහු ඇසූ ප්‍රශ්නයට
තවමත් පිළිතුරක් සොයන
අපේ හෘදසාක්ෂිය සමඟ.

“මොකක්ද තත්ත්වෙ?”

නොසැලුණු නොනැමුණු
ලසන්ත
කෘතිය,
'සයුර' ප්‍රකාශනයක්.

 Invitation Lasantha E

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...