ඒ අනුව තම වාහන අංගනයේ නවතා තිබූ මෝටර් රථයක් වෙනත් යතුරක් යොදා ගෙන සීසර්වරුන් බව පවසා ගත් පිරිසක් පැහැර ගෙන රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබදව අනුරාධපුර පොලිසිය නිසි පරිදි විමර්ශන සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කර තමාට සාධාරණය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා අනුරාධපුර එස්.එස්. කැබ්ස් ඇන්ඞ් ටුවර්ස් ආයතනයේ කලමනාකරු සුනන්ද ධර්මසිරි ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කොට තිබිණ.
මෝටර් රථය පැහැර ගෙන රැගෙන යෑමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින 28398 අංක දරණ නඩුවට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කල යුතුව ඇති පැහැර ගන්නා ලද ප්‍රශ්න ගත මෝටර් රථය අනුරාධපුර පොලිසිය නඩු භාණ්ඩයක් ලෙස නම් කර නොමැති බවත් එය නීතියට පටහැනි බවත් සුනන්ද ධර්මසිරි ස්වකීය පැමිණිල්ල මගින් ජාතික පොලිස් කොමිසමට තවදුරටත් පමිණිළි කොට තිබේ.
සුනන්ද ධර්මසිරි අදාළ පැමිණිල්ල ජාතික පොලිස් කොමිසන් සභාවට යොමු කර ඇත්තේ 2023 වසරේ අගෝස්තු මස 20 වැනි දිනය. මීට වසර තුනකට පෙර යොමු කරන ලද එම පැමිණිල්ලට ජාතික පොලිස් කොමිසන් සභාව පිළිතුරු ලිපියක් එවා ඇත්තේ 2026 වසරේ අප්‍රේල් මස 8 වැනි දාය.
( lankadeepa | උපාලි ආනන්ද)




