The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර: වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්

T

The Leader Desk

April 29, 2026 • 3:55 PM

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර: වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉලක්කගත ගොවීන් පිරිසකට ඩිජිටල් පොහොර වවුචර පිරිනැමීමට තීරණය කර ඇත.
  • ඉදිරි යල කන්නය නියමිත වේලාවට ආරම්භ කර නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙම පොහොර සහනාධාර වැඩසටහනේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
  • ඒ අනුව 2025/26 මහ කන්නයේදී සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානියට පත් වීම නිසා පීඩාවට පත් කුඩා පරිමාණ වී ගොවීන් 3489 දෙනෙකුට ඇමෙරිකානු ඩොලර් 300 000ක වටිනාකමකින් යුත් වවුචර මෙමගින් පිරිනැමේ.
  • ඉලක්කගත කණ්ඩායමේ කාන්තා ගොවීන් 1686 දෙනෙකු සිටින අතර ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම විද්‍යුත් වවුචර ලබා දෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉලක්කගත ගොවීන් පිරිසකට ඩිජිටල් පොහොර වවුචර පිරිනැමීමට තීරණය කර ඇත.

ඉදිරි යල කන්නය නියමිත වේලාවට ආරම්භ කර නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙම පොහොර සහනාධාර වැඩසටහනේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

ඒ අනුව 2025/26 මහ කන්නයේදී සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානියට පත් වීම නිසා පීඩාවට පත් කුඩා පරිමාණ වී ගොවීන් 3489 දෙනෙකුට ඇමෙරිකානු ඩොලර් 300 000ක වටිනාකමකින් යුත් වවුචර මෙමගින් පිරිනැමේ.

ඉලක්කගත කණ්ඩායමේ කාන්තා ගොවීන් 1686 දෙනෙකු සිටින අතර ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම විද්‍යුත් වවුචර ලබා දෙනු ඇත.  

අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 75ක (දල වශයෙන් රුපියල් 23625ක) වටිනාකමින් යුත් වවුචර හිමි වේ. එසේම අක්කර 0.5කට වඩා වැඩි සහ අක්කර 1ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 90ක (දලවශයෙන් රුපියල් 28 350ක) වවුචර ලබා දෙනු ඇත.

මෙම වවුචර භාවිත කර යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆෙට්(TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර වර්ග ලබාගත හැකිය.

 

දිත්වා සුළි කුණාටුවේ බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ගොවීන්ට සහාය වීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ශක්තිමත් සහයෝගිතාව මෙම වැඩසටහන හරහා පෙන්නුම් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවැසීය.


යල කන්නයට පෙර අත්‍යවශ්‍ය පොහොර සඳහා කාලෝචිත ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම හරහා පීඩාවට පත් ගොවීන්ට ඔවුන්ගේ වී නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය හිමිවන බවත් අනුරාධපුරයේ කුඩා පරිමාණ ගොවි ප්‍රජාවන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ද මෙය මහෝපකාරී වන බවත් ඔහු කීය.

අවදානමට ලක් වූ ගොවීන් සඳහා කාලෝචිත කෘෂිකාර්මික ප්‍රතිසාධන සහායේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැවසුවේ මෙවැන්නකි.

“මෙම පොහොර වවුචර වැඩසටහන හරහා ගොවීන්ට ඉක්මනින් තම වගා කටයුතු වෙත යළි යොමු වීමට සහාය වීම අපගේ අරමුණයි. ඊට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාව ශක්තිමත් කිරීමට සහ දේශීය ආහාර සුරක්ෂිතතාවට දායක වීමට ද ත් අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව තුළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙයයි. ගොවීන්ට කාලෝචිත සහ නම්‍යශීලී සහායක් ලැබෙන බව සහතික කිරීම සඳහා අපගේ හදිසි ප්‍රතිචාර මෙවලම් පුළුල් කිරීමක් මෙයින් සලකුණු කරනවා”

පොහොර සහනාධාරයට සමගාමීවල සෑම ප්‍රතිලාභියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද නොමිලේ ලබා දෙන අතර නිෂ්පාදනයේ ප්‍රධාන අදියර පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශ සැපයීම මෙහි අරමුණ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...