The Leader News
BREAKING
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි රඳවාගෙන දින 30ක් ප්‍රශ්න කරන්න අවසර

T

The Leader Desk

April 19, 2026 • 3:42 PM

 හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි රඳවාගෙන දින 30ක් ප්‍රශ්න කරන්න අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රිආරච්චිගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත දින 30 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
  • ජීව අත්බෝම්බයක්, ටී - 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී - 56 ජීව පතරොම් 221ක්, 0.22 වර්ගයේ පතරොම් 103, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, අප්‍රේල් 16 වන දා ය.
  • බෝකුන්දර විවිධ සේවා සමූපකාර නිලවරණයට නාමයෝජනා ලබා දීමට චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසක් ගමන් ගත් අවස්ථාවේදී එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ගාමිණී ලොකුගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමක් ඇති වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් කේ.ඩී.
  • එම මරණය සම්බන්ධයෙන් චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා එල්ල වූ අතර පසුව එවකට නීතිපතිවරයා විසින් එම චෝදනා ඉවත් කර ගනු ලැබී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රිආරච්චිගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත  දින 30 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ජීව අත්බෝම්බයක්, ටී - 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී - 56 ජීව පතරොම් 221ක්, 0.22 වර්ගයේ පතරොම් 103, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, අප්‍රේල් 16 වන දා ය.

සැකකාර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ටි 56 ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත පිළියන්දල පොලිස් වසමේ මාම්පේ, වවනවත්ත පාරේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ අවි ආයුධ තොගය සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබිණි.

මිනීමැරුම් චෝදනා

හිටපු මන්ත්‍රීවරයාට මීට පෙර පුද්ගල ඝාතන චෝදනා එල්ල වී තිබූ අතර නීතිපතිවරයා විසින් පසුව එම චෝදනා ඉවත් කර ගන්නා ලදී.

බෝකුන්දර විවිධ සේවා සමූපකාර නිලවරණයට නාමයෝජනා ලබා දීමට චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසක් ගමන් ගත් අවස්ථාවේදී එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ගාමිණී ලොකුගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමක් ඇති වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් කේ.ඩී. චන්ද්‍රරත්න නමැත්තෙක් මරණයට පත් විය.

එම මරණය සම්බන්ධයෙන් චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා එල්ල වූ අතර පසුව එවකට නීතිපතිවරයා විසින් එම චෝදනා ඉවත් කර ගනු ලැබී ය.

අත්හිටවූ සිරදඬුවම්
එවකට නීතිපතිවරයා මිනිමැරීමේ චෝදනාව ඉවත් කර ගැනීමෙන් පසුව නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් වරදකරුවන් බව විත්තිකරුවන් පිළිගත් අතර, ඒ අනුව චන්දන කත්‍රිආරච්චි ඇතුළු සිව් දෙනෙකුට වසර 10කට අත්හිටවූ බරපතළ වැඩ සහිත මාස 5ක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ 2011 වසරේදී තීන්දු කළා ය.

ඊට අමතරව කත්‍රිආරච්චි ඇතුළු පිරිසට රුපියල් 5000ක දඩයක් ද නියම කෙරුණු අතර, අදාළ සිදුවීමේදී මරණයට පත්වූ කේ.ඩී. චන්ද්‍රරත්න නමැති අයගේ පවුලේ උදවියට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට අධිකරණය විසින් නියම කරන ලදී.

එසේ ම, එම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකුට රුපියල් 25,000ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කළේ ය.

චන්දන කත්‍රීආරච්චි යනු කවුද?
ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඇති චන්දන කත්‍රිආරච්චි පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධූරය මෙන් ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ද දැරුවේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

පාර්ලිමේන්තු වෙබි අඩවියේ සඳහන් පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන, හතරවන සහ පස්වන පාර්ලිමේන්තු නියෝජනය කර ඇත.

එමෙන් ම, ඔහු වසර 2000 - 2001 කාල සීමාවේදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ පොදු ප්‍රයෝජ්‍යතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

හිටපු මන්ත්‍රීවරයා 2024 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ, කැස්බෑව ආසනය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුව ද ඉන් ජය ගැනීමට අසමත් විය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...