The Leader News
BREAKING
Top Ad
පුවත්

සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි!

T

The Leader Desk

July 22, 2026 • 4:29 PM

සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "රුපියල් කෝටි 22ක අවභාවිතයක් ගැන සාක්ෂි නැහැ" - ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස විමර්ශන නිලධාරීන්ට අභියෝග කරයි
  • මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කරුණු දැක්වීම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ වන විට ප්‍රකාශ 25ක් සටහන් කරගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
  • එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, එම ප්‍රකාශයට අනුව මෙම සැකකරුට නොව වෙනත් පුද්ගලයෙකුට මුදල් ලබාදුන් බවට ප්‍රකාශයේ සඳහන් වන බවත් විමර්ශන නිලධාරීහු මීට පෙර නඩු දිනයේදී අධිකරණයට වාර්තා කර තිබිණි.
  • සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටියදී කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවූ බවට විමර්ශන නිලධාරීන් චෝදනා කළ ද, ඊට අදාළ කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති වැය ශීර්ෂයෙන් තනතුරු දෙකකට වැටුප් ලබාගත් බවට චෝදනා: දියණියගේ අසනීප තත්ත්වය ද අධිකරණය හමුවේ කරුණු දක්වයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එකම කාලසීමාව තුළ කටයුතු කරමින්, ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් ලබාගත් බවට චෝදනා ලබා සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන ජූලි 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කරුණු දැක්වීම

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ වන විට ප්‍රකාශ 25ක් සටහන් කරගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු විසින් ඉදිරිපත් කළ නාමලේඛනයකට අනුව විශේෂ ව්‍යාපෘති අංශයේ සේවකයන්ට රැකියා ලබාදී ඇති බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වවුචර් පත් ලබාගැනීමට මෙන්ම තවත් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් විමර්ශන නිලධාරීහු ඉල්ලා සිටියහ.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, එම ප්‍රකාශයට අනුව මෙම සැකකරුට නොව වෙනත් පුද්ගලයෙකුට මුදල් ලබාදුන් බවට ප්‍රකාශයේ සඳහන් වන බවත් විමර්ශන නිලධාරීහු මීට පෙර නඩු දිනයේදී අධිකරණයට වාර්තා කර තිබිණි.

විත්තියේ නීතිඥවරුන්ගේ තර්ක

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, නීතිඥ උදය ගම්මන්පිල සහ නීතිඥ දයාසිරි ජයසේකර පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස කරුණු දක්වමින් සිය සේවාදායකයා මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පෙන්වා දුන්නේය.

සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටියදී කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවූ බවට විමර්ශන නිලධාරීන් චෝදනා කළ ද, ඊට අදාළ කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.

රජයේ මුදල් රුපියල් කෝටි 22ක් අවභාවිත කළ බවට චෝදනා කළ ද, එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ කිසිදු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව හෙතෙම සඳහන් කළේය.

අධිකරණය හමුවේ දැක්වූ අතිරේක කරුණු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා, ගෙවන ලද වැටුප් පිළිබඳව සැකකරුට වගකීමක් නොමැති බවත්, මූල්‍ය හා ගිණුම් කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ප්‍රධාන ගිණුම් නිලධාරියෙකු සිටින බවත් සඳහන් කළේය.

තවද, සැකකරුගේ දියණිය පවතින මානසික අසනීප තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින්, මෙම සියලු කරුණු සලකා බලා සැකකරු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා නඩුව ලබන ජූලි 30 වනදා දක්වා කල් තැබීය.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි! | The Leader