The Leader News
BREAKING
Top Ad
පුවත්

තරුණ රැඳවියකු මහර හිරගෙදරදී “අතපය කඩා මරා දාලා” !

T

The Leader Desk

June 2, 2020 • 4:26 AM

 තරුණ රැඳවියකු මහර හිරගෙදරදී “අතපය කඩා මරා දාලා” !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුසගින්නේ සිටි තරුණ රැඳවියාට වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට දෙමාපියන් මෙන්ම සිරකාර අයිතිවාසිකම් සඳහා වන සංවිධානද චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ටයි.
  • පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.
  • තරුණ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනය කර තිබුනේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් ඔහු මිය ගොස් ඇති බවයි.
  • කඹයක ආධාරයෙන් පැන පළායාමට උත්සාහ කිරීමේදී ඔහු තාප්පයෙන් ඇද වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න එවකට සඳහන් කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුසගින්නේ සිටි තරුණ රැඳවියාට වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට දෙමාපියන් මෙන්ම සිරකාර අයිතිවාසිකම් සඳහා වන සංවිධානද චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ටයි.

පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.

තරුණ රැඳවියාගේ  මරණය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනය කර තිබුනේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් ඔහු  මිය ගොස් ඇති බවයි.

කඹයක ආධාරයෙන් පැන පළායාමට උත්සාහ කිරීමේදී ඔහු තාප්පයෙන් ඇද වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න එවකට සඳහන් කර තිබුනි.

''සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව කියා සිටියේ ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.''

සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව කියා සිටියේ ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.

"මට කියන්න තියෙන්නේ මගේ පුතාට ගහලා තමයි මරලා තියෙන්නේ. අපි උදේ බලන්න යනකොට එයා ලේ පෙරෙනවා ඔලුව පිටිපස්සේ ලොකු තුවාලයක් තිබුනා. කකුල් කඩලා තිබුනා. අත මේ හරියෙන් ලොකුවට පුපුරලා තිබුනා. අත කඩලා තිබුනා."

මිය ගිය පුතු දක්ෂ ක්‍රීඩකයකු බව සිහිපත් කරන කරුණාවතී මාතාව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ පාසල් සමයේ වසර හයක කාලයක් ඔහුගේ වියදම් දැරුවේද රජයෙන් බවයි. බන්ධනාගාරය තුළ  නිරෝදායනයේ යෙදී සිටි කාවින්ද ඉසුරු දින කිහිපයක් නිරාහාරව සිට ඇති බවත් ඇය සදහන් කළාය.


රැඳවියන් ඝාතනය “මෝස්තරයක් බවට” පත්වෙලා !

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මාධ්‍ය වෙත කියා සිටියේ අමානුෂික වධ හිංසනයට ලක් කොට රැඳවියන් ඝාතනය “මෝස්තරයක් බවට” පත්වී ඇති බවයි.

"පසුගිය දවස්වල මාධයෙන් පෙන්නුවේ පැනලා යන්න හදලා වැටිලා මැරුනා කියලා. නමුත් ඒකේ ඇත්ත සිද්ධිය තමයි අපිට දැනගන්න ලැබුනු තොරතුරුත් එක්ක එම රැදවියව පහරදීලා, ඉතාමත් අමානුෂික වද හිංසනයට පත් කරලා තමයි ඝාතනය කරන්නේ.මේක අද බන්ධනාගාර තුළ මෝස්තරයක් බවට පත් වෙලා තියනවා."

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් අනතුරුව අනුරාධපුර, කුරුවිට හා මැගසින් බන්ධනාගාර වල සැකසහිත මරණ මාලාවක් සිදුවූ බව ඔහු සිහිපත් කළේය. 

අප්‍රේල් මස 25 වන දින  බන්ධනාගාරගත වන කාවින්ද ඉසුරු මැයි 3 වන විට ඝාතනය වන බව පෙන්වා දෙන සුදේශ් නන්දිමාල් ද මාධ්‍ය හමුවේ  අවධාරණය කළේ  කාවින්ද ඉසුරු දින කිහිපයක් කිසිදු ආහාරයක් ගෙන නොමැති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවයි.

" ඔහුගේ බොඩි එක කපන අවස්ථාවේදී, එතන කියලා තියනවා ඔහුගේ පිත විතරයි තියෙන්නේ ඔහු කිසිම ආහාරයක් දවස් තුන හතරක් තිස්සේ අරගෙන නැහැ කියලා."  

කොරෝනා වසංගත තත්වය තුළ රැදවියන්ට නිසි ආකාරයෙන් ආහාර පාන හෝ බන්ධනාගාර තුලදී ලබා දී නැතැයි චෝදනා කරන සුදේශ් නන්දිමාල් ප්‍රශ්න කරන්නේ මේ ආකාරයෙන් නිරාහාරව සිටින රැඳවියකු බන්ධනාගාරයකින් පලා යන්නේ කෙසේද යන්නයි.

කාවින්ද ඉසුරුගේ මරණය ඝාතනයක් බව අධිකරණය හමුවේ පැවැත්වෙන විමර්ශනයකදී ඔප්පු කිරීමට හැකි සාක්ෂි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...