The Leader News
BREAKING
Top Ad
පුවත්

අද ලෝකය තුළ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් තිබේ නම් ඒ, ශ්‍රී ලංකාව පිළිබඳවයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

T

The Leader Desk

May 2, 2025 • 4:43 AM

අද ලෝකය තුළ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් තිබේ නම් ඒ, ශ්‍රී ලංකාව පිළිබඳවයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
  • මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙනවා.
  • දශක ගණනාවක් තිස්සේ කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස අපේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට හැකි වුණා.
  • ඉතිහාසයේ වැඩිම කාන්තා දේශපාලන නියෝජනය අපේ ආණ්ඩුව යටතේ සිදු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ ගාලුමුවදොර පිටියේ ඊයේ  (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.

මැයි දින රැලියේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

''මේ සෙනඟ දැක්කාම දෙසැම්බර් මාසයේ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න අයට කිසිම චාන්ස් එකක් නෑ ''

''මීට වසරකට කලින් අප මැයි දිනය සමරන විට අනුර සහෝදරයා කිවුවා ලබන වසරේ මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුවක් යටතේ කියල. ඒ පොරොන්දුව ඉෂ්ට වෙලා තිබෙනවා. අප අරගල මගින්,  මීට පෙර මැයි දින සමරන විට දි ඉල්ලීම් ඉල්ලුවා. එහෙත් දැන් මේ අප ආණ්ඩුවක් අරගෙන  සමරන පළමු මැයි දින සැමරුමයි.

මෙතන සිටින සෙනඟ දිහා බලන විට අගෝස්තු මාසයේ හෝ දෙසැම්බර් මාසයේ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙන අයට මොනවා හිතෙනවා ඇද්ද? මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස අපේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට හැකි වුණා.

ඒ අයුරින් අපේ රටේ ඉතිහාසය  වෙනස් කර ගැනීමට හැකි වුණේ ඔබ නිසයි. ඒ වෙනුවෙන් ගැහැනු අපි එක මිටට එකතු වුණා. අදටත් ඒ බැඳීම තියෙනවා. ඉතිහාසයේ වැඩිම කාන්තා දේශපාලන නියෝජනය අපේ ආණ්ඩුව යටතේ සිදු වුණා. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියන්ගෙන් දහනවයක්ම ඉන්නේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරියන්.


අප වින්ඳ දුක තවත් පරම්පරාවකට භාර දෙන්නෙ නැහැ

අපේ දේශපාලන ව්‍යාපාරය මේ තැනට ගෙන එන්න  සහෝදර, සහෝදරියන් විශාල සංඛ්‍යාවක් තම ජීවිතවලින් වන්දි ගෙවුවා.  මේ ආ ගමනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උදව් කළ අය බොහොමයි. අප මේ අවස්ථාවේ ඔවුන් සිහිපත් කළ යුතුයි. අපට අනාගතය පිළිබඳ සුබ ලකුණු පෙනෙමින් තිබෙනවා.  අප වින්ඳ දුක තවත් පරම්පරාවකට අප භාර දෙන්නේ නැහැ. තවත් පරම්පරාවකට ඉතුරු කරන්නේත් නැහැ.

අපට වඩා දහස් වාරයක් දක්ෂ, අපට වඩා දහස් වාරයක් ඉදිරියෙන් සිටින පරපුරක් අප නිර්මාණය කරනවා. ඔවුන් වෙනුවෙන් මේ රට සූදානම් කරනවා. ඒ අනුව අපේ රට ලබන ඉදිරි ජයග්‍රහණවල කොටස්කරුවන් වීමට අද මෙතැනට පැමිණි සියලු දෙනාටම ආරාධනා කරනවා.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...