BREAKING
Top Ad
පුවත්

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

T

The Leader

June 6, 2019 • 9:51 PM

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති
  • 1- ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම ඔහුට ඇති එක් චෝදනාවකි.
  • එය ආයතන සංග්‍රහය යටතේ ඔහු විසින් කර ඇති බරපතල වරදක් ලෙස සැලකේ.
  •   2- එසේම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වසන්ත කිත්සිරි ජයලත්ට එරෙහිව මේවනවිට බරපතල චෝදනා තුනක් එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

1- ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම ඔහුට ඇති එක් චෝදනාවකි. එය ආයතන සංග්‍රහය යටතේ ඔහු විසින් කර ඇති බරපතල වරදක් ලෙස සැලකේ.  

2- එසේම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට යයි.

3-  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සොයා යාමේ ප්‍රමුඛ කාර්යය පසෙකලා, නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් විසින් නිර්මාණය කරන ලද බරපතල පුවතට අදාළ මුස්ලිම් ජාතික වෛද්‍ය සාෆි සියාබ්දින් විසින් කර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට විශාල පොලිස් බළඇණියක් යෙදවීමට සිදුවී ඇති අතර හා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. මෙය පැහැදිලිව පොලිසිය නොමග යැවීමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.


රෝහල් කාර්ය මණ්ඩලයේ කට උත්තර :


තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කර තිබිණ.

අනතුරුව 'දිවයින' පුවත්පතේ කර්තෘ අනුර සොලමන් හා පුවත ලියු මාධ්‍යවේදී හේමන්ත රන්දුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයට අනුව, පුවත්පතට එම තොරතුර ලබාදී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ය. දුරකථන ජාල පරික්ෂාවේදී එබව තහවුරු වී ඇත.

කෙසේවුවද මෙම පුවත් වාර්තාව පළවීමෙන් පසු ඇතිවූ අන්දෝලනය මත සැකකටයුතු බව කියන වෛද්‍යවරයා  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර එහිදී වෛද්‍යවරයා සමග කටයුතු කල කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ 26 දෙනෙකු ගෙන් මේවනවිට වෙන වෙනම කට උත්තර ලබාගෙන ඇත. එහිදී ඔවුන් සියලු දෙනාම පවසා ඇත්තේ, සැකයට භාජනය කර ඇති වෛද්‍යවරයා සමග කල සැත්කම් වලදී කිසිඳු ආකාරයේ සැකකටයුතු දෙයක් සිදු නොවු බවයි.

එසේ වුවද එම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කල සියලුම මව්වරුන් කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට කටයුතු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට සිදුකරනු ලැබූ විමර්ශන වලට අනුව මෙම 'සිසේරියන් නාඩගම' අදාල වෛදවරයා සමග පවතින පෞද්ගලික කෝන්තරයක් මත සිදුවූවක් බවට සැකකෙරේ. 

කෝටිපති ව්‍යාපාරිකයකු වන සැකකාර වෛද්‍යවරයා හා කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් අතර පෞද්ගලික කෝන්තරයක් තිබු බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබු අතර නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිඳ සේවය කරනු ලබන්නේද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක ලෙස බව එම වාර්තා වල සඳහන් විය.

එසේම අදාල වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ඉදිරිපත්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය සරත් වීරබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වීමද විශේෂ කාරණයකි. ඔහු විසින් මතුකළ 'පැලෝපිය නාල' සංවාදය 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.


පැලෝපිය නාලයේ එල්ලී බලයට ඒමට !


මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහි මෙහෙයුම හරහා 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත්, වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ගත් මව්වරුන් සොයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහත්සේ වෙහෙසෙන බවත්  ඇතැම් සමාජ මාධ්‍යය වාර්තා කර තිබිණ. 

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති අජිත් කල්හාර ගමගේ, ''මහින්ද මහත්තයා බලයට එන්න හදන්නේ පැලෝපිය නාලයේ එල්ලිලා'' යයි සඳහන් කර ඇත.
Ajith


වෛද්‍ය සාෆිගෙන් අයිතිවාසිකම් පෙත්සමක් !


මේ අතර 'අනිද්දා' පුවත්පත අද (07) වාර්තා කර ඇත්තේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි සියාබ්දීන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, චෝදනා ගොනු නොකරමින් රඳවා තබා ගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බව ඔහුගේ බිරිඳ වෛද්‍ය එම්.එන්.එෆ්. ඉමාරා 'අනිද්දා' කළ විමසීමකදී පැවසු බවයි.

වෛද්‍ය සියාබ්දීන් සාෆිට තවමත් චෝදනා ගොනු කර නොමැති බව 'අනිද්දා' කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා ඇත.

අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත්තේ කුමන නීතිය යටතේ දැයි විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් තවම තමා දැනුවත් නැති බවයි.

 මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 14 ක් තිස්සේ වෛද්‍ය සියාබ්දීන් සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඔහු සම්බන්ධයෙන් රඳවා තබාගැනීමේ නියෝගයක්ද අධිකරණයෙන් ලබාගෙන තිබුණේ නැත.

මැයි 23 වන දින දිවයින පුවත්පතේ පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදී හේමන්ත රන්දුනු සහ මැයි 24 වන දින ලංකාදීප වෙබ් අඩෙවියෙහි පුෂ්පකුමාර ජයරත්න  පළ කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පළමුව පරීක්ෂණ ආරම්භ කළ බවත්, ඉන්පසුව සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවත් තවමත් පරීක්ෂණ ඉදිරියට යමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීයා සිටියි.

මැයි 23 වන දින මාධ්‍ය සදාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ 'දිවයින' පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එම ප්‍රවෘත්තිය පිළිබඳව පරීක්ෂණයක්  ආරම්භ කර තිබෙන බවත්ය.

මේ වන විට 'දිවයින' කර්තෘ අනුර සොලමන්, මාධ්‍යවේදී හේමන්ත රන්දුනු, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


සබැඳි පුවත් :

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG !

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...