The Leader News
BREAKING
මක්කම මරණ දඬුවම සහ ආගමික ලිංගිකත්වය●බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●
Top Ad
පුවත්

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්

T

The Leader Desk

June 11, 2025 • 3:12 AM

 IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් 2005 වසරින් පසුව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයකු මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
  • ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මේ මස 15 සහ 16 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.
  • මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙසද ඇය සහභාගි වේ.
  • මෙම සමුළුව මෙමස 16 වැනිදා පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් 2005 වසරින් පසුව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයකු මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මේ මස 15 සහ 16 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙසද ඇය සහභාගි වේ. මෙම සමුළුව මෙමස 16 වැනිදා පැවැත්වේ.

මෙම සමුළුවේදී සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් මෙරට අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සහ සෙසු ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඇය මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට ද නියමිතය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...