The Leader News
BREAKING
හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●NDB බිලියන 13 මූල්‍ය හිඩැස: මෙරට බැංකු පද්ධතිය හමුවේ බරපතළ පරීක්ෂණයක්●යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා●එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට බෙදුණු තීන්දුවක්: තීරණය සභාපති විනිසුරුට●
Top Ad
පුවත්

මොඩියුල ක්‍රමය හඳුන්වා දෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් - අග්‍රාමාත්‍යවරිය

T

The Leader Desk

July 23, 2025 • 2:38 PM

මොඩියුල ක්‍රමය හඳුන්වා දෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් - අග්‍රාමාත්‍යවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බව යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද (23) බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමිනි.
  • නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත 2029 වර්ෂයේ දී.
  • සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණ යි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බව යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද (23) බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමිනි.

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,  ආචාර්ය අශෝක ද සිල්වා විසින් සිදු කරන ලදී.

එම සාකච්ඡාවේ දි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය...

මේ ප්‍රතිසංස්කරණ අවසානාත්මක නැහැ

" අපි පුරුදු වෙලා තියෙන්නේ ගුරුවරු දෙමව්පියෝ වගේ ම ළමයිනුත් විභාගෙකට සූදානම් වෙන අධ්‍යාපන ක්‍රමයකට යි. නමුත් මේ මොඩියුල ක්‍රමයේ දී  විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයි ඉගෙන ගැනීමට යොමුවන අතරෙ ම, ඇගැයීමටත් ලක්වෙනවා. නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත  2029 වර්ෂයේ දී. 2026 සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණ යි.  අපිට මේ ක්‍රමය නිරීක්‍ෂණය  කරන්න අවුරුදු 03ක් තියෙනවා. එහි දී මුහුණ දෙන්න වෙන තත්ත්ව සහ අවශ්‍යතා එක්ක අපිට පුළුවන් මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් කරන්න. අපි කොහෙදිවත් කියලා නෑ  මේ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ අවසානාත්මකයි කියලා. අවස්ථානුකූලව එය වෙනස් කරන්න අපි  බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබටත්  ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

දැන්ම ම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නැහැ

පන්ති කාමරය තුළ ළමයින් 25 - 30 දක්වා අඩු කරන්න අවශ්‍යයි. දැනට පන්ති කාමරයක ළමයි 40 ඉක්මවලා ඉන්න පන්ති කාමරත් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නියමිත සිසුන් ගණනට වඩා සිසුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කරගන්න කියන අධ්‍යාපන  ඇමති සහ ලේකම්ගේ නිර්දේශ මත සිදුවන ඇතුළත් කිරීම් නිසා. ඒ ක්‍රමය අපේ රජය යටතේ සම්පූර්ණයෙන් ම නවත්තලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වෙන්නේ  ඒ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණයි. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න අපි තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම කරන්න නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒක අපිට එකපාරට ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන, පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කරන්න තමයි අපි මේ ප්‍රතිසංස්කරණවල දි බලාපොරොත්තු වෙන්නේ. පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සහ එම ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ පූර්ණ නිරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න...

"මෙහි දී අපි ගුරු පුහුණුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන කුලුනු පහට ගුරු පුහුණුවත් ඇතුළත් වෙලා තියෙනවා. එළැඹෙන අගෝස්තු මාසයේ ගුරු පුහුණුව ආරම්භ කරන වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කරලා තියෙනවා."

මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් සහ අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමු කිහිපයක් ම ඉදිරියේදී පැවැත්වීමට ද මේ වන විටත් කටයුතු යොදා ඇත.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...