leader s

උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ දහ අට වැනි ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ.


මරා දමන විට විසි දෙවැනි වියේ පසුවූ සහදේවන් නිලක්ෂන් මාධ්‍යවේදියා සිහිපත් කිරීම 2025 අගෝස්තු 1 වැනි සිකුරාදා  හවස් යාමයේ යාපනය මාධ්‍ය සමාජයේ සභාපති කේ. සෙල්වකුමාර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

නිදහසේ මාධ්‍යකරණයේ යෙදීමට බාධා පමුණුවන රාජ්‍ය මර්දනය යුද්ධයේ අවසානයෙන් 16 අවුරුද්දක් ගතවීත් උතුරේ පවත්වාගෙන යාම නැවතී නැති බව බව එහිදී අවධාරණය වී තිබේ.

පළමු රාජපක්ෂ පාලන සමයේ 2007 අගෝස්තු 01වැනිදා උදෑසන 5,30 ට පමණ  යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් යාපනයේ බටහිර කොකුවිල් හි දුම්රිය පොළ පාරේ පිහිටි  නිලක්ෂන්ගේ නිවස ඉදිරිපිට දී ඔහු වෙඩිතබා ඝාතනය  කරන ලදී.

අපරාධකරුවන් විසින් ඔහු නිවසින් පිට කරවා ගෙන ඇත්තේ බියවද්දා ගත් මිතුරකු යොදාගෙන කැඳවා ගැනීමෙනි.

සහදේවන් නිලක්ෂන් ගේ දහ අට වැනි  ගුණානුස්මරණය එක්වු යාපනයේ මාධ්‍යවේදීන්, යාපනය සරසවියේ ජනමාධ්‍ය විෂය ඉගෙන ගන්නා සිසුන් ඇතුළු පිරිස ඔහුගේ සේයාරුවකට මල් දම්  පළඳා පුෂ්පෝහාර දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නිලක්ෂන් යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සමීක්ෂණ හා පුහුණු ආයතනයේ ජනමාධ්‍ය විෂය හැදෑරීමෙහි නිරතව සිටි අර්ධ කාලීන මාධ්‍යවේදියකු වූ අතර  යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පළකරන ලද ජනප්‍රිය ශිෂ්‍ය ප්‍රකාශනයක් වූ 'සංගම්' සඟරාවේ සංස්කාරක ද විය.

යාපනය මාධ්‍ය සමාජයේ සභාපති කේ. සෙල්වකුමාර් අවධාරණය කර සිටියේ අදටත් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සිය රාජකාරිය සිදු කරන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන මධ්‍යයේ සිට බවයි.

“ අදටත් කට උත්තර ලබා ගැනීමට කියලා විමර්ශන දිගටම සිදු වෙනවා. පලාලි වෙන්න පුළුවන්, යාපනයේ වෙන්න පුළුවන්,  ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කට උත්තර ලබා ගන්න කෙරෙන තර්ජනය දිගටම සිදුවෙනවා. අදටත් අපි ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන මධ්‍යයේ තමයි වැඩ කරන්නේ.”

නිලක්ෂන් ඝාතනය ඇතුළු මරා දැමුණු සෙසු උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳව විධිමත් අපක්‍ෂපාති පරීක්ෂණයක් මෙතෙක් සිදු කිරීමට බලයට පත් කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොමැත.

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනමාධ්‍යවේදියෝ [JDS] සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇති, මරා දැමුණු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ශ්‍රමිකයන් 44 කගේ ලැයිස්තුවට අයත් බහුතරය උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කළදෙමළ මාධ්‍යවේදීන්ය.

 

jafna 08 01

jaffna 08 02
jaffna 08 03

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil