The Leader News
BREAKING
Top Ad
පුවත්

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය

T

The Leader Desk

August 12, 2025 • 3:19 PM

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
  • ප්‍රියන්ත වීරසූරිය ඉකුත් 2024 සැප්තැම්බර් 24 වන දා වැඩබලන පොලිස්පති ධූරයට පත් කෙරුණු අතර වසරකට ආසන්න කාලයක් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
  • වසරේ පෙබරවාරි මස 09 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1988 වසරේදීයි.
  • කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (ආගෝ. 12) රැස්වූ අවස්ථාවේදී ය.

ප්‍රියන්ත වීරසූරිය ඉකුත් 2024 සැප්තැම්බර් 24 වන දා වැඩබලන පොලිස්පති ධූරයට පත් කෙරුණු අතර වසරකට ආසන්න කාලයක් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

ප්‍රියන්ත වීරසූරිය කියන්නේ කවුද?

1969 වසරේ පෙබරවාරි මස 09 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1988 වසරේදීයි.

කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළේය.

1992 වසරේ උපපොලිස් පරීක්ෂක ධූරයට උසස්වීම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය මරදාන, වව්නියාව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානයන්හි සේවය කර තිබේ.

නීති පීඨයට ඇතුළු වීම සහ උසස්වීම්

1993 සිට 1998 වසර දක්වා වූ කාල සීමාවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිය හැදැරූ ඔහු 1999 වසරේ නීති විද්‍යාලයට ඇතුළත් විය.

1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස්වීම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කළ අතර පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට එක්වෙමින් නැගෙනහිර ටිමෝරයේ රාජකාරි කළේය.

2007 වසරේ පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබූ ඔහු නීති සහ සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස මෙන් ම හෙයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට අනුයුක්තව කටයුතු කළේය.

2012 වසරේ සිට 2016 දක්වා කාල සීමාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත වීරසූරිය පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

2012 වසරේ සිට 2015 කාලයේදී සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කළේය.

නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබීමෙන් පසු 2016 වසරේ සිට 2020 දක්වා කාල සීමාවේදී ඔහු පොලිස් සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම

2020 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීමක් ලැබූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ උපායමාර්ගික කළමනාකරණ, අපරාධ සහ රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.

2024 දී වැඩබලන පොලිස්පති ධූරයට පත් කරන තුරු ඔහු උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

උපුටා ගැනීම් - බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය | The Leader