The Leader News
BREAKING
IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●
Top Ad
පුවත්

තේ දල්ලට වසං කෙරුණු වතුකර ජීවිතවල කහට පැහැය ඡායාරුපයෙන්

T

The Leader Desk

August 21, 2020 • 5:05 PM

තේ දල්ලට වසං කෙරුණු වතුකර ජීවිතවල කහට පැහැය ඡායාරුපයෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
  • නුවරඑළියේ ලොගි සහ හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබේ.
  • මෙම ප්‍රදර්ශනය වසරකට වැඩි කාලයක්, කණ්ඩායම් කීපයක් එකතුව සිදු කළ සාමූහික වැඩක් බවයි සංවිධායකයන් වැඩි දුරටත් පවසන්නේ.
  • කඳුකර තරුණ තරුණියන් සහ කඳුකර ප්‍රජාව ප්‍රමුඛ දායකත්වය ලබා දුන් මෙම වැඩ පිළිවෙලට තාක්ෂණික දායකත්වය ලබා දී ඇත්තේ, giz ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා ඌව ශක්ති ආයතනයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත්  අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කරන බව සංවිධායකයෝ පවසති.

 නුවරඑළියේ ලොගි සහ හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබේ.

 මෙම ප්‍රදර්ශනය වසරකට වැඩි කාලයක්, කණ්ඩායම් කීපයක් එකතුව සිදු කළ සාමූහික වැඩක් බවයි සංවිධායකයන් වැඩි දුරටත් පවසන්නේ.

 කඳුකර තරුණ තරුණියන් සහ  කඳුකර ප්‍රජාව ප්‍රමුඛ දායකත්වය ලබා දුන් මෙම වැඩ පිළිවෙලට තාක්ෂණික දායකත්වය ලබා දී ඇත්තේ, giz ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා  ඌව ශක්ති ආයතනයි.

 ඡායාරූපකරණයට ආධුනික තරුණ තරුණියන් සමඟ එක් වී ඡායාරූපකරණය සම්බන්ධයෙන් න්‍යාත්මක සහ  ප්‍රායෝගික අවබෝධ ලබා දී ඇත්තේ අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ යන ඡායාරූප ශිල්පීන් දෙදෙනායි.

 රස තේ කහට  කෝප්පයට යට වී  ගිය කඳුකර දෙමළ ජනයාගේ  කතාව බැලිමට, ඒ ඔස්සේ සමාජ කතිකාවක් ගොඩ නැගීමට පහත සදහන් ස්ථාන හා සම්බන්ධවන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.



පළමු ප්‍රදර්ශන දෙක,

 2020 අගෝස්තු 23 ඉරිදා දවස පුරා තලවකැලේ ශ්‍රී කදිරේෂන් ශාලාවේදී,

 2020 අගෝස්තු 29 සෙනසුරාදා ඌව හයිලන්ඩ් වතුයායේ දෙමළ මහා විද්‍යාලයේ දී,



පළාත් ප්‍රදර්ශනය


2020 සැප්තැම්බර් 4 සහ 5 බදුල්ල පුරහලේදී,

 ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 14 සහ 15 කොළඹ JDA පෙරේරා ආට් ගැලරියේදී,


තලවකැලේ, ඌවහයිලන්ඩ් හෝ බදුල්ලේ ප්‍රදර්ශන නැරඹීමට එන අය  0715468431 අංකයට කතා කර ලහිරු කිතලගමගෙන් වැඩි විස්තර දැනගන්න.

workers home tea state in lanka

workers child tea state in lanka

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තේ දල්ලට වසං කෙරුණු වතුකර ජීවිතවල කහට පැහැය ඡායාරුපයෙන් | The Leader