The Leader News
BREAKING
Top Ad
පුවත්

කුණාටු නිසා ආසියාවේ මිලියන 4කට වැඩි සිසුන්ගේ අධ්‍යාපනය අඩාලයි

T

The Leader Desk

December 6, 2025 • 5:10 PM

කුණාටු නිසා ආසියාවේ මිලියන 4කට වැඩි සිසුන්ගේ අධ්‍යාපනය අඩාලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාරාන්තිකම කාලගුණික රටාවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
  • මේ හේතුවෙන් රටවල් 5ක පුද්ගලයන් 1,600 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, සිය දහස් ගණනක් අවතැන් වී මිලියන ගණනක් පීඩාවට පත්ව සිටින බව එම සංවිධානය පෙන්වා දෙයි.
  • නොවැම්බර් මස මැද භාගයේ සිට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමය හරහා පැතිර ගිය නිවර්තන කුණාටු සහ තීව්‍ර වූ මෝසම් පද්ධති හේතුවෙන් විනාශකාරී ගංවතුර සහ නායයෑම් ඇති විය.
  • විශේෂඥයන් පවසන්නේ, දිට්වා, සෙන්යාර් සුළිකුණාටු ඇතුළු බලවත් කාලගුණික පද්ධතිවල අසාමාන්‍ය සම්මුතියක් මෙන්ම ශක්තිමත් වූ ඊසානදිග මෝසම මෙම ආපදාවලට හේතු වූ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාරාන්තිකම කාලගුණික රටාවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 මේ හේතුවෙන් රටවල් 5ක පුද්ගලයන් 1,600 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, සිය දහස් ගණනක් අවතැන් වී මිලියන ගණනක් පීඩාවට පත්ව සිටින බව එම සංවිධානය පෙන්වා දෙයි.

නොවැම්බර් මස මැද භාගයේ සිට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමය හරහා පැතිර ගිය නිවර්තන කුණාටු සහ තීව්‍ර වූ මෝසම් පද්ධති හේතුවෙන් විනාශකාරී ගංවතුර සහ නායයෑම් ඇති විය.

විශේෂඥයන් පවසන්නේ, දිට්වා, සෙන්යාර් සුළිකුණාටු ඇතුළු බලවත් කාලගුණික පද්ධතිවල අසාමාන්‍ය සම්මුතියක් මෙන්ම ශක්තිමත් වූ ඊසානදිග මෝසම මෙම ආපදාවලට හේතු වූ බවයි.


මෙම කුණාටුවලින් දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, නොවැම්බර් අග වන විට පමණක් මිලියන 4.1 කට වැඩි ළමයින් සංඛ්‍යාවකගේ අධ්‍යාපනයට බාධා එල්ල වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසයි.


වියට්නාමයේ සිසුන් මිලියන 3කට පමණ පන්තිවලට සහභාගී වීමට නොහැකි වී ඇති අතර, පිලිපීනයේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට සහ ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාවේ තවත් සිය දහස් ගණනකට බලපෑම් එල්ල වී තිබෙන බවයි එම සංවිධාන දත්ත පෙන්වා දෙයි.

මෙම කලාපය පුරා පුද්ගලයන් මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබේ.

ඉන් මිලියන 1.2 ක් පමණ තම නිවෙස්වලින් පිටවී රැකවරණ ස්ථාන කරා යාමට සිදුවිය.

උණුසුම් සාගර උෂ්ණත්වය සහ වෙනස්වන කුණාටු මාර්ග ඓතිහාසිකව අඩු සුළි කුණාටු අවදානමකට මුහුණ දුන් ප්‍රදේශවලට ද අධික වැස්සක් ඇදහැලී තිබිණ.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මාර්ග, උපයෝගිතා සහ වගා බිම් ද ගසාගෙන ගියේය.

ශ්‍රී ලංකාවට නොවැම්බර් 28 වන දින දිට්වා සුළිකුණාටුව බලපෑමෙන් දරුණුතම බලපෑමට ලක් විය. එහිදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ නායයෑම් වතු ප්‍රජාවන් හරහා ගසාගෙන ගිය මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන කඳුකර දිස්ත්‍රික්කවලිනි.


ඉන්දුනීසියාව නොවැම්බර් 22 සහ 25 අතර ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නිල දත්තවලට අනුව මරණ 900 කට වඩා වාර්තා වී තිබේ. තවත් 400 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇත.  පුද්ගලයන් 880,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, සමස්තයක් ලෙස මිලියන තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබේ.

 

තායිලන්තය තීව්‍ර වූ මෝසම් වර්ෂාවෙන් දකුණු තායිලන්තයේ පළාත් 12 කට බලපෑම් එල්ල වී ඇත.  අවම වශයෙන් පුද්ගලයන් 185 ක් මිය ගොස් ඇති අතර, 367 ක් අතුරුදහන් බව වාර්තා වේ.

මිලියන හතරකට අධික ජනතාවකට බලපෑම් එල්ල වී ඇති අතර 219,000 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බව ජගත් සංවිධානය පෙන්වා දෙයි.

මැලේසියාව උතුරු සහ මධ්‍යම ප්‍රාන්ත අටක් පුරා ඇති වූ ගංවතුර හේතුවෙන් 37,000 ක් පමණ අවතැන් වී සිටිති.

වියට්නාමය නොවැම්බර් මැද භාගයේ සිට ඇති වූ අඛණ්ඩ වර්ෂාපතනය සහ නිවර්තන කෝටෝ සුළිකුණාටුව තත්ත්වය තවදුරටත් උග්‍ර කර තිබේ.

ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල (CERF) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක් වෙන් කර ඇති බව ද සඳහන්වේ.

ආපදා තත්ත්වයෙන් පසු කාන්තාවන් සහ ගැහැණු ළමයින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ආර්ථික අනාරක්ෂිතභාවය සහ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා ඇනහිටීම් වැනි ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ අවදානම්වලට වැඩි වශයෙන් මුහුණ දෙන බවට ඇගයීම් මගින් පෙන්වා දෙන බව එම වාර්තාවේ දැක්වේ.

අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව මධ්‍යයේ, එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් ආහාර, සෞඛ්‍ය, ජල සහ සනීපාරක්ෂක ආධාර මෙන්ම මුල්කාලීන යථා තත්ත්වයට පත් කිරීමේ තක්සේරු කිරීම් සමඟ රජය විසින් මෙහෙයවනු ලබන හදිසි මෙහෙයුම් සඳහා සහාය දක්වමින් සිටියි.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) විසින් නිකුත් කරන ලද වාර්තාවක අනතුරු අඟවා ඇත්තේ, උෂ්ණත්වය ඉහළ යාම කලාපයේ අවදානම් තත්ත්වය මූලික වශයෙන් වෙනස් කරමින් පවතින බවයි.

(hirunews)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...