අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන්නේය.
කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.
එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් තිබුණි.
| aruna
විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරු කරයි
T
The Leader Desk
May 6, 2026 • 12:27 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන්නේය.
- මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
- එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.
- එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



