ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහිව පවරන ලද අල්ලස් නඩු 4ක තීන්දු මේ මස අගදී ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කර තිබේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් නිසි කාර්යපටිපාටියෙන් බැහැරව අත්පිට මුදලට වඩා වැඩි මුදලකට කුලී පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ගොනු කරමින් මේ නඩු පවරා ඇත.
ඒ අනුව චුදිතට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන ‘දූෂණය’ නමැති වරද යටතේ නඩු පැවරීම කර ඇත.
බාහිර පාර්ශ්වයන්ට වාසි වන ආකාරයට වාහන 11ක් බදු පදනම මත ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ අනූඑක් දහසක සමස්ත පාඩුවක් සිදු කළ බවට චෝදනා කර විත්තිකරුට එරෙහිව කොමිසම මේ නඩු ගොනු කර තිබේ.
'මැයි 25 අත්පුඩි ගහන්න බලාගෙන ඉන්න' - ජනපති අනුර
''මැයි 25 බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න'' යයි කියමින් පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අධිකරණ නඩු තීන්දු සම්බන්ධයෙන් කල ප්‍රකාශය මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ.
"වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක් ප්‍රධාන දූෂණ චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුව. තීන්දුව දෙනව කිව්වෙ මැයි 25. ඊයෙ ඇහුව නඩුවක්. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න," එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, නඩු විභාග කිරීම් කඩිනමින් සිදු කරන බව ය.




