''සමගි ජන බලවේගයේ ප්‍රබලයින් 4ක් පාවා දුන්නේ කවුද? – මේ වනවිටත් වක්‍රව ජීවිතයක් බිලිගෙන' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකා රජයෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය ගෙවීමේ දී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට සමගි ජන බලවේගයේ ප්‍රබලයන් සිව් දෙනෙකු දැනුවත් කර තිබූ බව 'ලංකාදීප' පුවත්පතේ වාර්තා කර තිබිණි.
එහෙත්, එම ප්‍රබලයන් සිව් දෙනා අවස්ථාවාදී දේශපාලන ප්‍රචාරයකට එම අතිශය සංවේදී කරුණු යොදා නොගෙන නිසි පරීක්ෂණවලට ඉඩ ලබා දී තිබූ අතර, රනිල් වික්‍රමසිංහට සම්බන්ධ පිරිසක් විසින් දේශපාලන ප්‍රචාරයක් සඳහා එම තොරතුරු යොදා ගනු ලැබීය.
එම අවස්ථාවාදී කූට දේශපාලනය නිසා මේ වනවිට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ ජීවිතය අහිමි වී තිබේ.
මේ අක්‍රමිකතාවය හෝ වංචාව පිළිබඳව තොරතුරු හෙළි වූ අවස්ථාවේ සිට ආණ්ඩුව නිසි පරිදි කටයුතු කරමින් සිටි අතර, ඕස්ට්‍රේලියානු රජය ද පූර්ණ සහයෝගය ලබා දී තිබිණි.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් වැය කරමින් බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක යෙදී සිටීම පිළිබඳව පවත්වන පරීක්ෂණවලට එරෙහිව විවිධ ප්‍රචාර ගෙන ගිය පිරිසක් ඩොලර් මිලියන 2.5ක් සම්බන්ධ පරීක්ෂණ අවස්ථාවාදී දේශපාලන ප්‍රචාරයට යොදා ගනු ලැබීය.''
(උපුටා ගැනීම අවසන්)




