උද්ගත වූ ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉකුත් මැයි 19 වැනිදා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව ලුණු ආනයනයට අවසර දෙමින් ගැසට්පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව මෙරට ප්‍රමුඛ පෙළේ ආනයනකරුවෝ රාශියක් ලුණු ආනයනය කළහ.
කන්ටේනර් රඳවා තබා ගැනීමට හේතුවක් ලෙස පවසා ඇත්තේ බිල් ලේඩිං හෙවත් නැව් බාර පත්‍රයේ දිනය ගැසට් පත්‍රයේ ද සඳහන් පරිදි ජුනි 10 වැනිදා වුවත් එම කන්ටේනර් නැව්ගත කිරීම 11 – 12 ලෙස සඳහන් වීමය. එය තම සීමාවෙන් එහා ගිය කරුණක් බවත් නැව් ගත කිරීමේ සමාගම්වල ගැටලුවලට තමන් කුමක් කරන්න දැයි මෙම අසාධාරණයට ලක්ව සිටින ආනයනකරුවෝ පිරිසක් ප්‍රශ්න කළහ.
මෙම තත්ත්වය ගැන රේගුව එසේ කීවත් බිල් ලේඩිං දිනය ජුනි 10 වැනිදාට නියමිත පරිදි තිබූ එක් සමාගමක කන්ටේනර් 6ක් පමණක් මුදා හැර ඔවුනට සුවිශේෂ සැලකිලි දක්වා අදාළ නැව් භාර පත්‍ර දිනයම සඳහන් සෙසු ආනයන කරුවන්ගේ කන්ටේනර් පමණක් රඳවා තබා ගැනීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ගැන සාධාරණ කරුණු සැකයකින් තොරව තහවුරු වී ඇති බව ආනයනකරුවෝ කීපදෙනෙක් කියති.
මේ අතර එම සිදුවීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ද තුඩු දුන්නේය.
එක් ආනයනකරුවකු පැවසුවේ තමාගේ ලුණු කන්ටේනර් 52ක් පමණ වරායේ ඉකුත් ජූනි මස සිට රඳවා ගෙන ඇති බවය. තවත් කිහිප දෙනෙක් ම මෙම තත්ත්වය පෙන්වා දුන්හ.
‘ලුණු’ කන්ටේනර් රඳවා තබා ගැනීම යට ‘ජාවාරමක්’ දියත් වීමක් සිදුවන බවට ද වෙළෙඳපොළේ දැනට වඩා අඩු මිලකට ‘ලුණු’ මිලදී ගැනීමට ජනතාවට ඇති අයිතිය අහුරා ඇති බවට ද ඒ යට එක් සමාගමකට හා පිරිසකට ‘වාසි’ ලබා ගැනීමට පමණක් පාර කපා ඇති බවට ද ඔව්හු චෝදනා කරති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත්වී මෙම ප්‍රශ්නයට වහා විසඳුමක් දීමට ක්‍රියා කළ යුතු බව ආනයනකරුවෝ කිහිප දෙනෙක් ම සඳහන් කර සිටියහ.
(divaina | අරුණ බෝගහවත්ත)




