The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක්..

T

The Leader Desk

May 6, 2026 • 9:50 AM

මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා අතරෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් කැඳවීමට නඩු 1494ක් තිබූ බව මේ සම්බන්ධයෙන් එම අධිකාරිය ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ දැක්වේ.
  • මෙයින් වැඩිම නඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල මහාධිකරණයෙන් වන අතර එහි අගය 467කි.
  • ඉන්පසු පිළිවෙලින් කළුතර 241ක්, ගම්පහ 231ක් හා මාතර 212ක් ලෙස වැඩිම නඩු ගණන ඇත.
  • දිවයින පුරා ඇති නඩු ගණන හා ඊට අදාළ අධිකරණ මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒවා අතරෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් කැඳවීමට නඩු 1494ක් තිබූ බව මේ සම්බන්ධයෙන් එම අධිකාරිය ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ දැක්වේ.

මෙයින් වැඩිම නඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල මහාධිකරණයෙන් වන අතර එහි අගය 467කි.

ඉන්පසු පිළිවෙලින් කළුතර 241ක්, ගම්පහ 231ක් හා මාතර 212ක් ලෙස වැඩිම නඩු ගණන ඇත.

දිවයින පුරා ඇති නඩු ගණන හා ඊට අදාළ අධිකරණ මෙසේය.

අම්පාර 39ක්, අනුරාධපුර 159ක්, අවිස්සාවේල්ල 69ක්, බදුල්ල 215ක්, බලපිටිය 171ක්, මඩකලපුව 4ක්, හලාවත 145ක්, කොළඹ 125ක්, ඇඹිලිපිටිය 15ක්, ගාල්ල 467ක්, ගම්පහ 231ක්, හම්බන්තොට 53ක්, හෝමාගම 37ක්, යාපනය 43ක්, කල්මුණේ 1ක්, කළුතර 241ක්, මහනුවර 418ක්, කෑගල්ල 203ක්, කිලිනොච්චිය 35ක්, කුලියාපිටිය 161ක්, කුරුණෑගල 412ක්, මන්නාරම 8ක්, මාතලේ 83ක්, මාතර 212ක්, මොණරාගල 80ක්, මීගමුව 198ක්, නුවරඑළිය 82ක්, පානදුර 39ක්, පොලොන්නරුව 122ක්, පුත්තලම 67ක්, රත්නපුර 165ක්, තංගල්ල 50ක්, ත්‍රිකුණාමලය 28ක්, වව්නියාව 43ක් වශයෙන් මෙම නඩු ඇති බව එහි සඳහන් වේ.

මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ 2026 අප්‍රේල් 8 වැනිදා තෙක්ය.

1988 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය නිර්වචන අනුව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ළමා අපයෝජන නිමිති 13කට අදාළව මෙම නඩු විභාග වේ.

ළමයින්ට අදාළව කරන අසභ්‍ය පළකිරීම්, ළමයින්ට සිගාකෑමට සැලැස්වීම හෝ කුට්ටනය, ලිංගික සංසර්ගය සඳහා කුට්ටානියකු වශයෙන් ක්‍රියා කිරීමට ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, සීමිත භාණ්ඩ ජාවාරම් කිරීමට ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, ළමයින් කෘරත්වයට භාජනය කිරීම, කුට්ටනය, ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, තැනැත්තන් වෙළෙඳාම් කිරීම, ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය, අස්වාභාවික වැරැදි, තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා හා බරපතල ලිංගික අපයෝජනය යන එම වැරැදි ළමයකුට අදාළව සිදුකරන විට ළමා අපයෝජන ලෙස සැලකේ.

| ගිම්හාන් ද සිල්වා 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...