The Leader News
BREAKING
බදුල්ල කාන්තා බලමුළුවෙන් ආණ්ඩුවේ දෙවසර සමාලෝචනයක්●නැගෙනහිර කැනීම් භූමියකින් මිනිස් ඇටකටු මතුවේ●මහින්දගේ දේශපාලන චාරිකාව රිදී තිරයට●කස්සප හිමි සිද්ධිය සහ ඥානසාර හිමිගේ නෛතික අර්බුදය ගැන එජාපයෙන් ප්‍රශ්න වැලක්●අග්බෝ සොයන්න හමුදාව; වනඅලි ඝාතන ගැන CID පරීක්ෂණ●කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ අපවත් වෙති●අධිකරණ තීන්දුවලට රජය පූර්ණ ලෙස යටත්: ජනපති●30,000ක ගුරු පත්වීම් සහ 17,000ක සම්මුඛ පරීක්ෂණ: ආණ්ඩුව සහ වෘත්තීය සමිති දෙපැත්තක●ප්‍රංශය පුරා ප්‍රචණ්ඩ විරෝධතා: 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!●මට වුවමනා වුණේ සමාජ ප්‍රශ්න පිළිබඳ මගේ අදහස කියන්න - ලයනල් වික්‍රමආරච්චි (වීඩියෝ)●
Top Ad
පුවත්

තායිලන්තයේ වීසා නිදහස් පහසුකම ලබන 15 වැනිදා සිට වෙනස් වෙයි

T

The Leader Desk

September 7, 2026 • 5:02 PM

තායිලන්තයේ වීසා නිදහස් පහසුකම ලබන 15 වැනිදා සිට වෙනස් වෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප්තැම්බර් 14 ට පෙර ඇතුළු වන සංචාරකයන්ට පවතින සහනය නොවෙනස්ව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙතෙක් තායිලන්තයට ඇතුළුවීම සඳහා හිමිව තිබූ වීසා රහිත පහසුකම (Visa Exemption) එළැඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට අත්හිටුවීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.
  • ගෝලීය වීසා ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් තායිලන්ත රජය කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් 2024 වසරේ ජූලි මාසයේදී විශේෂ කෙටි කාලීන වීසා සහනයක් හඳුන්වා දුන්නේය.
  • ඒ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයන්ට දින 60 ක කාලයක් දක්වා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි විය.
  • කෙසේවෙතත්, දීර්ඝ කාලීන රැඳී සිටීම් ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම, ජාතික ආරක්ෂාව, ආර්ථික අවශ්‍යතා සහ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය එකඟතාවන් සලකා බලා තායි රජය විසින් අදාළ ක්‍රමවේදය නැවත සමාලෝචනයකට ලක් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සැප්තැම්බර් 14 ට පෙර ඇතුළු වන සංචාරකයන්ට පවතින සහනය නොවෙනස්ව

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙතෙක් තායිලන්තයට ඇතුළුවීම සඳහා හිමිව තිබූ වීසා රහිත පහසුකම (Visa Exemption) එළැඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට අත්හිටුවීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.  

එරට සංක්‍රමණික සහ කෙටි කාලීන සංචාරක නීති පද්ධතියේ සිදු කෙරුණු පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම සංශෝධනය ක්‍රියාත්මක වන අතර, ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදා හෝ ඊට පසුව තායිලන්තයට ගමන් ගන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර නිසි වීසා බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වේ.

ගෝලීය වීසා ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක්

තායිලන්ත රජය කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් 2024 වසරේ ජූලි මාසයේදී විශේෂ කෙටි කාලීන වීසා සහනයක් හඳුන්වා දුන්නේය. ඒ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයන්ට දින 60 ක කාලයක් දක්වා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි විය.

කෙසේවෙතත්, දීර්ඝ කාලීන රැඳී සිටීම් ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම, ජාතික ආරක්ෂාව, ආර්ථික අවශ්‍යතා සහ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය එකඟතාවන් සලකා බලා තායි රජය විසින් අදාළ ක්‍රමවේදය නැවත සමාලෝචනයකට ලක් කර ඇත. ඒ අනුව, වීසා රහිතව රට තුළට ඇතුළුවීමට අවසර හිමි වන රටවල් සංඛ්‍යාව 60 ක් දක්වා සීමා කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, නව රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 31 වැනිදා එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.  

ලැයිස්තුවෙන් ඉවත් කළ රටවල් සහ නව රෙගුලාසි
මෙම ප්‍රතිපත්තිමය වෙනස හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 කට මෙතෙක් හිමිව තිබූ වීසා රහිත ඇතුළුවීමේ අවස්ථාව අහිමි වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කොලොම්බියාව, කියුබාව, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, ග්වාතමාලාව, ජැමෙයිකාව, කොසෝවෝ, මෙක්සිකෝව, මොනාකෝ, මොරොක්කෝව, පැනමාව, පැපුවා නිව්ගිනියාව, සැන් මැරිනෝ, ටොංගා, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, උරුගුවේ සහ උස්බෙකිස්ථානය ඇතුළු රටවල් රැසක් ද මෙම නව සංශෝධනයෙන් බලපෑමට ලක්ව ඇති රටවල් අතර වේ.

මීට අමතරව, වීසා නිදහස් ලැයිස්තුවේ තවදුරටත් රැඳී සිටින රටවල් 60 සඳහා ද මීට පෙර ලබා දී තිබූ දින 60 ක කාල සීමාව දින 30 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

සංචාරකයන් සැළකිලිමත් විය යුතු කරුණු  
කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, වීසා අයදුම්පත් සෘජුව භාර නොගන්නා අතර සංචාරකයන් තම වීසා බලපත්‍ර තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේම ලබාගත යුතු වේ.

කෙසේවෙතත්, සැප්තැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන්ට දැනට පවතින නීති යටතේ හිමිවන දින 60 ක කාල සීමාව එලෙසින්ම වලංගු වන බව තායි විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කර ඇත. සංචාර සැලසුම් කර ඇති පාර්ශ්වයන් මෙම නව සංශෝධන පිළිබඳව කල්වේලා ඇතිව අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දෙනු ලැබේ.


මුලාශ්‍රය :  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තායිලන්තයේ වීසා නිදහස් පහසුකම ලබන 15 වැනිදා සිට වෙනස් වෙයි | The Leader