leader s

නල්ලූර් හි අලුතින් ස්ථාපිත කළ තිලීපන් පිළිරුව පොලීසිය විසින් ඉවත් කිරීමට එරෙහිව උතුරු-නැගෙනහිර පළාත් පුරා දැඩි විරෝධතා දියත් කෙරේ.

ඉන්දු-ලංකා හමුදා දෙකට එරෙහිවත්, දෙමළ උරුමය වෙනුවෙනුත් අහිංසාවාදී සටනක් අරඹමින් තිලීපන් නමින් ප්‍රකට රාසයියා පාතීපන් 39 වසරකට ඉහතදී මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ නල්ලූර් හි පසුගියදා අලුතින් වඩා හිඳුවන ලද ලෝකඩමුවා පිළිමය පොලීසිය විසින් ගලවා ගෙන යෑම හෙලා දකිමින් උතුරු නැගෙනහිර දෙපළාතේ සියළු දිස්ත්‍රික්ක තුළ විරෝධතා දියත් කර තිබේ.

උතුරු හා නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 28 වැනි සඳුදා දෙමළ ජනතා නියෝජිතයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේද සහාය හිමිව පැවැති විරෝධතාවලදී තිලීපන් ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස බලකෙරුණු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගදීපන් තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාතීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය තිබු ස්ථානයේ ලෝකඩින් නිර්මානය කළ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහුගේ මරණයේ  39 වැනි සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15 වැනිදා අනුස්මරණය කර තිබුනි.

නගරාධිපතිනියගේ පැහැදිලි කිරීම සහ රජයේ ස්ථාවරය

සැප්තැම්බර් 27 වැනි ඉරිදා පෙරවරුවේ එම ස්ථානයට පැමිනි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අලුතින් ස්ථාපිත කළ එම ලෝකඩ පිළිමය රැගෙන යෑමට කටයූතු කර තිබුනි.

ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධය එල්ල වීමත් සමග සැප්තැම්බර් 27 වැනි ඉරිදා මාධ්‍ය හමුවක් පවත්වමින් යාපනය නගරාධිපති මදිවදිනි විවේකානන්දරාජා දැනුම් දී තිබුනේ දෙමළ ජාතික ජනතා පක්ෂයේ (TNPF) සභික සේතුකාවලර් මදුසිකාන් විසින් කරන ලද ඉල්ලීමක් පරිදි එම ස්මාරකය සැප්තැම්බර් 26 වැනිදා දක්වා පමණක් එම ස්ථානයේ තාවකාලිකව ස්ථාපිත කිරීමට සියළු පක්ෂ වල අනුමැතිය යටතේ යාපනය මහ නගර සභාව විසින් අවසර ලබා දී තිබු බවයි.

"15 වැනිදා අනුමැතිය දුන්න දවසේ ඉඳලා මට යාපනය පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිරුව කොහොමද තිබ්බේ, කොහොමද අනුමැතිය දුන්නේ කියලා දිගින් දිගටම මගෙන් ඇහුවා. මම කිව්වා, මේක තාවකාලිකව තියපු පිළිරුවක්. ඒකත් සභාව තාවකාලිකව. මේක ඔයා තනියෙන් තීරණය ගත්තා ද කියලා ඇහුවා. නැහැ‍, මේක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරලා, සභාවේ ඉන්න සියලු පක්ෂ මේ අවසරය ලබා දුන්නා. 26.09.2026 වෙනකම් මේ අනුමැතිය දීලා ති‍යෙනවා කියලා මම එයාලාට දුරකතනයෙන්, මගෙන් අහපු ප්‍රශ්නයට අනුව මම උත්තර දුන්නා."

පොලිසිය විසින් පිළිරුව ඉවත් කරනු ලැබුවේ සැප්තැම්බර් 21 දා  කළ කරුණු දැක්වීමකින් අනතුරුව ලැබුනු  උසාවි නියෝගයකින් බවට ආණ්ඩුව පවසයි.

"පිළිරුව නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ," යි රජයේ ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේය.

ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ නීතිය ඒ සඳහා යොදාගන්නා ලද බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කරුණු දැක්වීය.

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් අඛණ්ඩ විරෝධතා

රාසයියා පාතීපන්ගේ ස්මාරකය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සැප්තැම්බර් 27 වැනිදා උද්ඝෝෂණ දියත් කළ උතුරු හා නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් රජයට දැඩි ලෙස අවධාරණය කර තිබුනේ එම ස්මාරකය යලි ස්ථාපිත කර  දෙමළ ජනතාවගේ අනුස්මරණ අයිතිය තහවුරු කරන ලෙසයි.

නල්ලුර් කන්දසාමි කෝවිල අසල තිලීපන් ස්මාරකය ගලවා දැමූ ස්ථානයට රැස්වු විරෝධතාකරුවන් අවධාරණය කර තිබුනේ පිළිරුව එතැන යලි වඩා හිඳුවන තෙක් අඛණ්ඩ විරෝධතා දියත් කරන බවයි.

රාසයියා පාර්තීපන්ගේ ස්මාරකය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කිරීමට විරෝධය දක්වමින් කිලිනොච්චි කන්දසාමි කෝවිල සමීපයේ කිලිනොච්චි  දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ගේ ඥාතීන්, ව්‍යාපාරික ප්‍රජාව හා සිවිල් සංවිධාන නියෝජිතයන් දියත් කළ උද්ඝෝෂණය සදහා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ට නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවඥානම් ශ්‍රී ධරන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

මන්නාරම දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ගේ ඥාතීන්, මන්නාරම බසාර් ප්‍රදේශයේ පිහිටි තන්දෙයි සෙල්වා පිළිරුව අසලදී දියත් කළ විරෝධතාවය සදහා මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති මාර්කස් පියතුමා ඇතුලු පළාත් පාලන ආයතන නියෝජිතයන්ද එක්ව තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ගේ ඥාතීන් මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී විරෝධතා දියත් කළ අතර වවුනියාවේ පොංගු තමිල් ස්මාරකය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනකින් වව්නියාව පැරණි බස් නැවතුම්පොළ දක්වා පැමිණි වව්නියාව  දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිස එම ස්ථානයේදී විරෝධතා දියත් කර ඇත.

තිලීපන්ගේ ඉල්ලීම් සහ ඓතිහාසික පසුබිම

පසුගිය කාලය පුරාම දකුණේ අරගලකරුවන් පෙළීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 39 වසරකට ඉහතදී තිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී ලුතිනන් කර්නල් තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

 

jafnna bati

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil