BREAKING
Top Ad
පුවත්

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

T

The Leader

June 22, 2019 • 5:26 AM

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු නොකරමින් රඳවා තබාගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පැවසුවාය.
  • මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 28 ක් තිස්සේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර, ඔහු රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගයක් මතය.
  • සාෆිගේ ප්‍රකාශය අධිකරණයට !
අකුරු ප්‍රමාණය (Font Size):



මීට අමතරව සිය සැමියා චෝදනා ගොනු නොකර රඳවා තබා ගැනීම, එසේ අත්අඩංගුවෙන් අනතුරුව තමන්ගේ සහ තම දරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පසුගිය සතියේ මානව හිමිකම් කොමිසමට තමන් පැමිණිල්ලක් කළ බවද වෛද්‍ය ඉමාරා වැඩිදුරටත් පැවසීය.

මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 28 ක් තිස්සේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර, ඔහු රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගයක් මතය.

සාෆිගේ ප්‍රකාශය අධිකරණයට !

අත්අඩංගුවේ පසුවෙන වෛද්‍ය ෂියාබ්දීන් සාෆිගෙන් අවස්ථා කීපයක දී ප්‍රකාශ සටහන් කරගත් ප්‍රකාශවල සාරාංශයක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ජූනි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ජූනි 19 වැනිදා පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එමෙන්ම වෛද්‍යවරයා තමන්ගේ පැලෝපීය නාලයට හානි කළා යැයි පවසන පැමිණිලිකාරියන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බවත්, මෙම විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සභාපතිවරයා ලෙසත්, තවත් විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් දෙදෙනෙකුත් පත් කර ඇති බවත් ඔහු කීය.

DIG ට චෝදනා :

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු මාධ්‍යයට ලබාදුන්නේයැයි චෝදනා එල්ල වී ඇති කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගෙන් ජූනි 17 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් පසුගිය වසර 5 තුළ දී විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් කළ සිසේරියන් සැත්කම් ගණන විමසා ඇත. 

විශේෂඥ පරීක්ෂණ කිමිටුවේ පරීක්ෂණ කොළඹ කාසල් හා සොයිසා රෝහල් දෙකේදී පමණක් කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

(රේඛා නිලුක්ෂි හේරත්- අනිද්දා)

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...