2016 වසරේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස නවයක ලිහිල් සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ස්ථීර කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ අද (07) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට මැදිහත් වීමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දෙමින්, ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට මහාධිකරණය පියවර ගෙන ඇත.
නීතිඥ කරුණු දැක්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම
බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර හිමිනම විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් දැනටමත් ගොනු කර ඇති බව ජනාධිපති නීතිඥවරයා එහිදී දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් වන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා නඩුව පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර එදිනට විත්තිකරු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට දන්වන ලදී.
ඥානසාර හිමිට ආධාර කිරීමේ චෝදනාවට බැංකු නිලධාරියෙක් රිමාන්ඩ්
මේ අතර, අධිකරණ වරෙන්තු නිකුත් කර තිබියදී ඥානසාර හිමියන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන බැංකු නිලධාරියෙකු ඔක්තෝබර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (06) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර සිටියේ විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව දැන දැනම, සැකකාර බැංකු නිලධාරියා සිය මෝටර් රථයෙන් ඥානසාර හිමියන්ව රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කර ඇති බවයි.
අධිකරණ නියෝග නොසලකා හරිමින් අපරාධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය සැලසීම සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන් නොමැති බැවින් සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ
Nethmini
October 7, 2026 • 1:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වසරේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස නවයක ලිහිල් සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ස්ථීර කර තිබේ.
- කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ අද (07) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
- මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් දැනටමත් ගොනු කර ඇති බව ජනාධිපති නීතිඥවරයා එහිදී දන්වා සිටියේය.
- ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් වන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා නඩුව පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර එදිනට විත්තිකරු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට දන්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


